තරුණයා ඝාතනය කලාට මරණ දඬුවම නියම වෙයි

යසංග මහවිතාන

2012 වසරේ සිදුවූ පුද්ගල ඝාතනයකට වරදකරුවන් කළ විත්තිකරුවන් 05 දෙනෙකුට කොළඹ මහාධිකරණය මරණ දඬුවම පනවා තිබේ.

උක්ත නඩුවට අදාළ තීන්දුව ප්‍රකාශ කරමින් ඊයේ (8) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් මෙම දඬුවම ලබා දෙන ලදී.

මහාධිකරණ විනිසුරුවරයා විසින් එම තීන්දුව ලබා දුන්නේ විසි එක් හැවිරිදි පුද්ගලයෙකුට මොට ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ චෝදනාව ඇතුළු චෝදනා තුනකට එම සැකකරුවන් පස්දෙනා වැරදිකරුවන් කරමිනි.

අපරාධය සිදු කරන අවස්ථාවේ විත්තිකරුවන් දෙදෙනකු වයස අවුරුදු 17 සහ 15 වයස්වල පසුවීම හේතුවෙන් ඔවුන් දෙදෙනාට පමණක් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා දීමට විනිසුරුවරයා නියෝග කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *