යසාංග මහාවිතාන
ප්‍රධාන මැතිවරණ පක්ෂයක පළාත් පාලන ඡන්ද අපේක්ෂිකාවක් ඡන්දකාඩ් පත් ළඟ තබා ගැනීමේ වරදට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සර්ව ජන බලයෙන් පුත්තලම මහ නගර සභාව වෙත තරඟ වදින අපේක්ෂිකාවක් ඡන්ද කාඩ් පත් 85 ක් සමග මෙසේ අත්අඩංගුවට ගෙන ඇත
පළාත් පාලන ඡන්දය සඳහා පුත්තලම තේරීම් භාර නිලධාරී විසින් නිකුත් කරන ලද ඡන්ද කාඩ් පත් 85ක් සැකකාරිය ළඟ තිබූ බව පොලිසිය සඳහන් කරයි. ඇය මෙසේ අත්අඩංගුවට පත් වී ඇත්තේ පුත්තලම රත්මල්‍යාය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීය.
විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ අදාළ ඡන්ද කාඩ් පත් තැපැල්කරු විසින් ඇයට ලබා දී ඇති බවයි.
සැකකාර තැපැල්කරු ප්‍රදේශයෙන් පළගොස් ඇති බව පොලිසීය පවසන අතර ඔහු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.

