මියන්මාරයට මිලියන  45 ක  ආධාර

මොහොමඩ් ආසික්

භූමි කම්පා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ මෙහෙයවීමෙන් රැස් කරන ලද රුපියල් මිලියන 45ක මූල්‍ය පරිත්‍යාගය ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපතිනි මාලර් තන් ටයික් (Marlar Than Htaik) මහත්මිය වෙත බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී අද (23) පිරිනමනු ලැබීය.

එම මූල්‍ය ප්‍රදානය සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති පූජ්‍ය‍ මහාචාර්ය‍ තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ධ නාහිමිපාණන්වහන්සේ, වැඩබලන ලේඛකාධිකාරී පූජ්‍ය හාල්පන්විල පාලිත නාහිමිපාණන්වහන්සේ, උපලේකම් දුනුකේවත්තේ සීලවිමල නාහිමිපාණන්වහන්සේ, උප සභාපති තලගල සුමනරතන නාහිමිපාණන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් සමස්ථ ලංකා දසසිල් සංවිධානයේ ප්‍රධාන සභාපති පොලොන්නරුවේ ධම්මානන්දා සිල්මෑනියන්වහන්සේ ,ලේකම් මුල්කිරිගල සීලප්‍රිය සිල්මෑනියන්වහන්සේ ද බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක යන මහත්වරුන්ගේ සහ අමාත්‍යාංශයීය නිලධාරීන්ගේ ද සහභාගීත්වයෙන් සිදු කෙරිණ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *