අද වැසි ඇතිවන ප්‍රදේශ දැනගෙනම නෑගම් යන්න

චම්පිකා මුතුකුඩ

අද කාලගුණ වාර්තාවට  අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ, ඌව සහ  උතුරු-මැද පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් සවස් කාලහේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර පළාතේත් ගාල්ල, මාතර, පුත්තලම සහ  මන්නාරම දිසි්ක්කවලත් උදෑසන කාලයේදීද වැසි ස්වල්පයක් ඇති විය  හැක.

 

මධ්‍යම, සබරගමුව, දකුණු සහ  ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය  හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  පවසයි..

මධ්‍යම, සබරගමුව සහ  ඌව පළාත්වලත්, පොළොන්නරුව  දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය  හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසඑම් දෙපාර්තමෙන්තුව  ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

  

Leave a Comment

Your email address will not be published. Required fields are marked *