ගිලන් රථයක් අනතුරට පත් වේ

ගිලන් රථයක් ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ තල්අරඹ ප්‍රදේශයේදී අනතුරකට පත්ව තිබෙන බව වාර්තා වේ.

මිරිස්ස ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට අයත් වන මෙම ගිලන් රථය අද පස්වරුවේදී මාතර රෝහල වෙත ගොස් නැවත මිරිස්ස දෙසට ධාවනය කිරීමේදී  මෙම අනතුරට පත්ව ඇත.ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ තල්අරඹ ප්‍රදේශයේදී අනතුර සිදුව ඇති බව සඳහන් වේ.සුනඛයෙකු මාර්ගය හරහා පැන යාමේදී එය වළක්වා ගැනීමට උත්සාහ ගැනීමේදී මෙම ගිලන් රථය පෙරළීමට ලක්ව තිබූ බව කියැවේ.


ඒ වන විට ගිලන් රථයේ රියදුරු පමණක් සිට ඇති අතර ඔහුට අනතුරක් සිදුවී නොමැත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *