අලුත් අවුරුදු උදාව වෙනුවෙන් දළදා මාලිගාවේ කිරි ඉතිරවීම

 

නිමල් කොළඹිස්ස – මහනුවර

 

සිංහල – හින්දු අලුත් අවුරුදු උදාව සනිටුහන් කරමින්  ශ්‍රී දළදා මාලිගාවේ කිරි ඉතිරවීමේ පුරාණ චාරිත්‍රය අද (14) අලුයම යෙදුණු සුබ මොහොතින් සිදුවිය.

අලුත් අවුරුදු උදාවන මොහොතේදී දළදා වහන්සේ හමුවේ කිරි ඉතිරවීම පුරාණ සම්ප්‍රදාය වන අතර  අලුයම 3.21ට දකුණු දිශාව බලා කිරි ඉතිරවීම සිදුකෙරිණි.

දළදා වහන්සේ වැඩ සිටින  මාලිගාවේ මහාද්වාරය අබියස ලිප් බැද අලුත් වළං තුළ  කිරි ඉතිරවීම සම්ප්‍රදාය වේ. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම චාරිත්‍රය සිදුවූ අතර රටට සෞභාග්‍ය ප්‍රාර්ථනා කිරීමේ මෙම පුරාණ චාරිත්‍රයේ එක් අරමුණකි.

තේවාව භාර රාජකාරියේ නියුතු අස්ගිරි මහ විහාරීය ජ්‍යෙෂ්ඨ කාරක සංඝසභික මහියංගන රජමහා විහාරාධිපති පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමි ඇතුලු මහා සංඝරත්නය පිරිත් සඤ්ඤායනා කළ අතර රටට ජනතාවට රෝග බියෙන් තොරව සෞභාග්‍ය, සමෘද්ධිය අපේක්ෂා කරමින් දන්ත ධාතූන් වහන්සේ හමුවේ කිරි ඉතිරවීම සිදුකරන ලදි.

ශ්‍රී දළදා මාලිගාවේ රාජකාරියෙහි නියුතු කාර්යය මණ්ඩලය මෙම අවස්ථාවට සහභාගීවූහ.

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *