හිරු මුදුන් වීම අද උතුරට

චම්පිකා මුතුකුඩ

 දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.  බස්නාහිර  පළාතේත් ගාල්ල, මාතර, පුත්තලම සහ  මඩකළපුව දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීද වැසි ඇති විය  හැක.

 

මධ්‍යම, සබරගමුව සහ  ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 50ක පමණ තරමක තද වැසි ඇතිවිය  හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං  වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය  පියවර ගන්නා  ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා  සිටිනු ලැබේ.

  දෘෂ්‍ය  ලෙස සූර්යයා  උතුරට ගමන් කිරීමේදී සූර්යයා , අප්‍රේල් මස 05 සිට 14 දක්වා  දිනවලදී ශ්‍රී ලංකා ව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පවතී. අද  දින (14) දහවල් 12:10 ට ඩෙල්ෆ්, පුනරින්, අලිමංකඩ සහ චුන්ඩික්කුලංම් යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *