මන්ත්‍රී චාමර සම්පත් ඇප මත මුදා හැරේ

යසංග මහවිතාන

රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඇප මත මුදා හරින ලෙස අද දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය

චාමර සම්පත් මහතා බන්ධනාගාර ගත කරන ලද්දේ ඌව පළාත් සභාවට රුපියල් ලක්ෂයක් 173 කට අධික පාඩුවක් සිදු කළේ යැයි යන චෝදනාව මතය.

2016 වසරේ ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළේ ඒ මහතාය. එම වසරේ ඌව පළාතේ පෙර පාසල් දරුවන්ට බෑග් ලබාදීම සඳහා චාමර සම්පත් මහතා විසින් රාජ්‍ය බැංකුවකින් අනුග්‍රහයක් ඉල්ලා ඇති අතර එම බැංකුව විසින් එය ප්‍රතික්ෂේප කර තිබේ. ඒ නිසා ‍ප්‍රධාන අමාත්‍යවරයා ලෙස අදාළ පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් 06ක් කල්පිරීමට පෙර එම බැංකුවෙන් ඉවත් කිරීම තුළින් අදාළ පළාත් සභාවට රුපියල් ලක්ෂ 173කට අධික පාඩුවක් සිදුකළේ යැයි හෙතෙම චෝදනා ලැබ සිටියි.

මෙම නඩුව අද (08) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේ කැඳවන ලදී.

මහෙස්ත්‍රාත්වරිය  විසින් සැකකරු මුදා හැරීමට තීරණය කළේ අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කර කරුණු සලකා බැලීමෙන් අනතුරුවය.ඒ රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප පහක් මතය.

සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කරන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *