බෙලිහුල්ඔය එස්. රත්නායක
වළවේ ගං කොමලියගේ ආශිර්වාදයෙන් සරු වූ කල්තොට මිටියාවතේ රන් අස්වනු මංගල්‍යය කුරගල මහා අලුත් සහල් මංගල්‍යය මෙවරද රටක ජාතියක සාධු බලාපොරොත්තු පුබුදුවාලමින් ප්‍රතිනිර්මාණය වූ ඓතිහාසික කුරගල රජමහා විහාරස්ථ පුදබිමේදී සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක, විහාරාධිපති වතුරකුඹුරේ ධර්මකීර්ති ශ්‍රී මංගල ධම්මරතනාභිධාන නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි උත්කර්ශවත් අන්දමින් පැවැත්විණි.
තමන් විසින් අපමණ කැප කිරීම් සිදුකොට නෙළාගත් රන් අස්වැන්නේ අග්‍ර ඵලය ගෞතම සම්මා සම්බුදු රජුන් පුද දෙන්නට රටට බත සපයන ප්‍රදේශයේ සත්පුරුෂ බොහෝ දෙනා අලුත් සහල් රැගෙන පැමිණෙන්නට යෙදුණහ. බළන්ගොඩ තුඹගොඩ ශ්‍රී සුදර්ශන මහා විහාරාධිකාරී බළංගොඩ සමාජ සංවර්ධන පදනමේ අධ්‍යක්ෂ ඉඹුල්පේ විජිතවංශ හිමියන් ප්‍රමුඛ කුරගල රජ මහා විහාරවාසී මහා සංඝරත්නයත් කල්තොට ප්‍රාදේශීය ලේකම් නිලන්ති වීරසූරිය මැතිණිය හා සිවිල් ආරක්ෂක බලකා දෙපාර්තමේන්තුවේ කූරගල ව්‍යාපෘති කාර්යාලයේ අණදෙන නිළධාරී කර්නල් ටී.එස්.සී. පීරිස් මහත්මා ඇතුළු ශ්‍රී ලංකා යුධ හමුදාවේ නිළදරුවන්, කූරගල සිවිල් ආරක්ෂක බලකා දෙපාර්තමේන්තුවේ භට පිරිස්ද සහභාගීවූහ.
අනතුරුව කූරගල අසදිස ශාඛ්‍ය සුගත සුගන්ධ කුටියේදී ගෞතම සම්මා සම්බුදුරජුන් උදෙසා දෙතිස් ව්‍යංජන, කැවිලි හා පළතුරු සහිත රාජකීය සම්බුද්ධ පූජාවක්ද පවත්ව ලදී.



