කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන පරිදි දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ දකුණු පළාත් වලත් පුත්තලම, මන්නාරම, යාපනය සහ අම්පාර දිස්ත්‍රික්ක වලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැක.
සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු-මැද, දකුණු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද කාලගුණ වාර්තාවේ සඳහන් වේ.
මධ්‍යම, සබරගමුව, ඌව, උතුරු සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ
දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 14 දක්වා දින වලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පවතී. අද දින (06) දහවල් 12:12 ට කළුතර, කෙලින්කන්ද, කහවත්ත, පොකුණුතැන්න සහ මහවෙලතොට යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇත.
