වැලිගම තරංග ගුණරත්න
මිදිගම නාකන්ද ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය ආරම්භ කොට වසර කීපයක් ගතවී ඇතත් මෙම පාසලේ අධ්‍යාපනය ලබන දරුවන්ට අවශ්‍ය මූලික පහසුකම්වත් මෙතෙක් ලැබි නොමැති බව දෙමව්පියෝ පවසති
වැලිගම අධ්‍යාපන කොට්ඨාසයට අයත් මිදිගම නාකන්ද ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය වසර කිහිපයකට ඉහතදී වසර ගණනාවක් තිස්සේ විවිධ හේතු මත වසා දමා තිබූ පාසලක් ලෙස පැවතිණි.
පසුව ගමට පාසලක අවශ්‍යතාවය මතුව තිබූ නිසා මේ පිළිබඳව විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මගින් ගැමියෝ තොරතුරු අනාවරණය කළහ .
එහි ප්‍රතිඵලයක් ලෙස මිදිගම නාකන් නැවත එම පාසල ඉකුත් 2020 වර්ෂයේදී ප්‍රාථමික විද්‍යාලයක් ලෙස මිදිගම නාකන්ද ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය නමිනකළහ ආරම්භ විය. ලෝස්ටාර් පුද්ගලික සමාගමේ සහ ප්‍රදේශවාසීන්ගේ සහයෝගය මත එවකට බලධාරීන් විසින් මෙම පාසල ආරම්භ කරන ලදී
කෙසේ වෙතත් පාසල ආරම්භ කොට වසර ගණනාවක් ගත වී ඇතත් ගැහැණු සහ පිරිමි දරුවන් වෙනුවෙන් එකම වැසිකිලියක් පැවතීම , දරුවන්ට අවශ්‍ය ළමා ඩෙස් සහ පුටු අඩුපාඩු පැවතීම, පාසල අවට ආරක්ෂිත වැටක් නොමැති වීම, නිසා ඇතැම් පිරිස් විසින් පාසල හරහා මංමාවත් සකසා ගැනීමද විශාල ගැටලුවක් වී තිබේ. තවද විද්‍යාලයේ සනීපාරක්ෂක කටයුතු සඳහා මාස කීපයක සිට කිසිවකු නොමැති වීම ඇතුළු ගැටලු රැසක් මතුව තිබේ.
මෙම විද්‍යාලය සතුව ශාලා ගොඩනැගිලි දෙකක් පිහිටා තිබෙන අතර එහි එක් ශාලාවක ආරක්ෂිත දැල වෙනුවට කුරුඳු කෝටු යොදා ගනිමින් සකසා ඇති ආකාරය දක්නට තිබේ. , විද්‍යාලයේ ගුරුවරුන් සඳහා අවශ්‍ය ගුරු මේස සහ පුටු ආදී මූලික අවශ්‍යතා වලද අඩුපාඩු රැසක් පාසල ආරම්භයේ සිට මේ දක්වා පවතින බව දෙමව්පියෝ පවසති.
කෙසේ වුවත් අධ්‍යාපනය අතින් ගත්කළ කිසිදු අඩුපාඩුවක් නොමැති බවත් එ අනුව ගුරුවරුන්ගේ මනා කැපවීම නිසා පසුගිය වර්ෂයේ පැවැති ශිෂ්‍යත්ව විභාගයෙන් විද්‍යාලයෙන් ඉදිරිපත් වූ සියලු දරුවන් ඉහළ ලකුණු ලබා ගැනීමටද සමත් වූ බව දෙමව්පියෝ අවධාරණය කර සිටිති.
කෙසේ නමුත් මෙම විද්‍යාලයේ භෞතික සම්පත්වල හිඟතාවය නිසා දෙමව්පියන් විසින් මෙම විද්‍යාලයට දරුවන් ඇතුළත් කිරීමට මැලිකමක් දක්වති එම හේතු මත මෙම විද්‍යාලය නැවත් වැසීයාමට හැකියාව පවතින බව දෙමව්පියෝ පෙන්වා දෙති.
සියලු දරුවන්ට අධ්‍යාපන ලැබීමේ සම අයිතිය තහවුරු කරමින් ප්‍රදේශයේ වෙනත් පාසල්වල ඇති පහසුකම්.මෙම විද්‍යාලයටත් ලබා දෙන ලෙස දෙමව්පියෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

