දළදා මාලිගාවේ නිලමෙවරයාගේ ධුර කාලය වසර පහක් කරන්න.-  මිහින්තලේ නායක හිමි

තිරප්පනේ  සමන් පෙරේරා  

ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වත්මන් නිලමේවරයා මේ වන විට වසර විස්සක පමණ කාලයක් පුරා සිය ධුරයෙහි රැඳී සිටින බැවින් නිලමේවරයාට පවතින ධූර කාලය වසර පහකට සීමා කළ යුතු බව ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංඟුණුවැවේ ධම්මරතන නායක හිමියෝ පවසති.

නාහිමියන් මේ බව පැවසූවේ අද (01) මිහින්තලේ පුදබිමේ දී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

වර්තමානයේ දී මාලිගාවේ නිලමෙවරයා ඉතා දිගු කාලයක් නිලමේ තනතුරේ රැඳී සිටීමට සැලැස්වීමෙන් නිලමෙවරයා මුදලාලි කෙනෙකු ලෙස ජනතාව හඳුන්වනු ලබන බවත්, එසේම ඔහු ජනතාවගෙන් චෝදනා ලබන්නෙකු බවට පත්වෙමින් ඇති බවත් නාහිමියෝ පවසති.

විහාර දේවාලගම් පනත සංශෝධනය කර අඩුම තරමින් නිලමේවරයාගේ ධූර කාලය වසර 5ක් ලෙස සීමා කරන ලෙසත්, නොමැති නම් උපරිම ධූර කාලය වසර 10කට සීමා වන සේ ගැසට් පත්‍රයක් නිකුත් කරන ලෙසත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව මිහින්තලේ නාහිමියෝ පවසති.

මේ පිළිබඳ අනාවරණය කරනුයේ  නිලමේවරයා සම්බන්ධයෙන්  ඇති පෞද්ගලික ගැටලුවක් නිසා නොවන බවත්, පූජනීය වස්තු  හානියක් නොවී රැකගත  යුතු  බවත් මිහින්තලේ නායක හිමිපාණෝ මෙහිදී පැවසූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *