තිරප්පනේ සමන් පෙරේරා

තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පයිරිමඩුව අලුත්ගම ග්‍රාමයේ නිවසක් පිටුපස ගෙවත්තක ඇද තිබූ විදුලි රැහැනක පැටලීමෙන් වන අලියෙකු මියගොස් ඇතැයි තිරප්පනේ වනජීවී කාර්යාලය කියයි.
ඊයේ (31) අලුයම් කාලයේ ආහාර සොයා ගම්වැදි අවස්ථාවේ මෙම අලියා විදුලිසර වැදීමෙන් මියගොස් ඇති අතර මියගිය ඇතින්නගේ වයස අවුරුදු 15-20 පමණ වන බව වනජීවීය කීය.
අලුත්ගම නිවසක් පිටුපස ගෙවත්තක වගාකර ඇති පොල්, කෙසෙල් වැනි බෝග වගා ආරක්ෂා කිරීම සඳහා නිවසේ සිට ගෙවත්ත පිටුපසට විදුලි බුබුලක් දැමීම සඳහා ඇද තිබූ විදුලි රැහැනේ මෙම ඇතින්න පැටලී ඇති බවත් එහිදී ඇතින්නගේ ගොඬවැල විදුලි රැහැනේ ගැටී දැඩි පිළිස්සුනු ස්වභාවයක් නිරීක්ෂණය වන බවත් වනජීවීය කීය.
සිද්ධිය සම්බන්ධයෙන් නිවෙස් හිමියා තිරප්පනේ වනජීවි නිලධාරීන් විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අද (01) අනුරධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ඇතින්නගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අනුරධපුර කලාප හාර පශුවෛද්‍ය නිලධාරීන් විසින් අද දවසේ සිදු කිරීමට නියමිතව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් තිරප්පනේ වනජීවී කාර්‍යාලයේ නිලධාරීන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.



