චම්පිකා මුතුකුඩ
බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් පස්වරු දෙකෙන් පමණ පසුව තැනින් තැන වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දින නිකුත් කරන ලද කාලගුණ වාර්තාව ප්‍රකාශ කරයි.
සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් පනහට වැඩි තරමක තද වැසි ඇති විය හැක.
අද දිනත් .බස්නාහිර සබරගමුව මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද එම වාර්තාවේ සඳහන් වේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුරන් වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනි ලබේ.
