48 වන මස්ටැංග්ස්  කුසලානය රාජකීයයන්ට.

යසංග මහවිතාන

2025 මස්ටැංග්ස් කුසලාන වාර්ෂික එක්දින තරගයෙන් විශිෂ්ට ජයක් වාර්තා කිරීමට කොළඹ රාජකීය විද්‍යාලය අද (15) සමත්විය.මෙම තරගය පැවැත්වුණේ කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතරයි.

පළමුවෙන් පන්දුවට පහරදුන්නේ  ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයයි. පන්දුවාර 49යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී ඔවුන්ට රැස් කර ගත හැකි වූයේ ලකුණු 220ක් පමණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ රාජකීය විද්‍යාලය පන්දුවාර 46යි පන්දු 4ක් අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 223ක් වාර්තා කරමින් කඩුලු හතරක  ජයක් වාර්තා කළේය.

මස්ටැංග්ස්  කුසලාන තරගය මෙවර පැවැත්වුණේ  48  වෙනි වරටය.

මෙම තරඟයේදී කොළඹ රාජකීය විද්‍යාලය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් හිරුන් ලියනාරච්චි ලකුණු 105ක් රැස්කිරීමට සමත්විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *