මහජන පොළ හා බස් නැවතුමක හැටි

රංජන් මඩගම්මන- 

ඇහැලියගොඩ මහජන පොළ සහ බස් නැවතුම්පොළ ආශ්‍රිතව අඩුපාඩු රැසක් හේතුවෙන් මහජනයා දැඩි අසීරුතාවයකට පත්ව සිටිති.

     මහජන පොළ භූමියේම බස් නැවතුම්පළ ස්ථාපිත කර ඇතත් මෙසේ පහසුකම් නොමැති වීම හේතුවෙන් හා භූමිය මඩ වගුරක් වී ඇති නිසා දිනපතා නගරයට පැමිණෙන පාරිභෝගික ජනතාව මෙන්ම මගීන් ටද දැඩි අසීරුතාවයට ලක්වීමට සිදුවඇත.

වැසි ජලය පිරුණු වලවල් භූමිය පුරාම පවතී.අවිධිමත්ව ඇති කොන්ක්‍රීට් කණු සී සී කඩ දමා ඇත.කානු පද්ධතිය ජරාජීර්ණව පවතී.එය මදුරුවන්ගේ රජ දහනක් වී ඇත.භූමිය පුරාම පොලිතින් හා ප්ලාස්ටික් බෝතල් මෙන්ම වීදුරු බෝතල්, හිස් බියර් ටින් ය.බිඳුනු වීදුරු කැබලි තැන් තැන්වලය.

මහජන වෙළඳපොළ ආශ්‍රිතව මාලු වෙළඳාමට ඇති ගොඩනැගිල්ල තුළ ඇඳවල් හා මෙට්ට භාවිතා කර යාචක නවාතැන්පලක් බවට පත්වී ඇත. ඒ තුල ජල කරාම පද්ධතිය සම්පූර්ණයෙන්ම අබලන්ය.ඇතුළත ජලය බැස යාමට සකස් කර ඇති වලවල්  පොලිතින් වලින් සහ  හිස් බියර් ටින් වලින් පිරී .පණුවන්ගෙන් පිරී පවති.නිල මැස්සන්ගේ රජ දහනකි.දැඩි දුගඳ හමයි. ඇතැම් ස්ථානවල කානු පද්ධතියට දමා ඇති කොන්ක්‍රීට් ලෑලි ගැලවී ඇත.තවත් ඒවා අවදානම් තත්ත්වයේ පවතී.ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් ද නොමැත.රාත්‍රී කාලයේදී විවිධ දුරාචාර කටයුතු සඳහා යොදාගන්නා බව ඇතැම්හු පවසති.

මහජනයා නිතර ගැවසෙන  මෙම භූමිය මේ තත්ත්වයෙන් මුදවාලීමට වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට යොමු වනු ඇතැයි ජනතාවගේ අපේක්ෂාවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *