තිරප්පනේ සමන් පෙරේරා
යුනිවර්සල් මානව හිමිකම් සංවිධානය මගින් ක්‍රියාත්මක කළ ගැබිණි මව්වරුන්ට පෝෂණ මළු හා වැඩිහිටි කාන්තාවන්ට නොමිලේ ඇස්කණ්නාඩි ප්‍රදානය කිරීමක් පසුගිය දා ගල්කුලම ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකක පරිශ්‍රයේ දී සිදු කෙරිණි.
මෙහිදි ගල්කුලම ප්‍රාථමික වෛද්‍ය සත්කාර බල ප්‍රදේශයේ වෙසෙන ගැබිණි මව්වරුන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම උදෙසා ඇවැසි වියළි ආහාරද්‍රව්‍ය ඇතුලත් පෝෂණ මළු ගර්භණි මව්වරුන් 10 දෙනෙකු හට පරිත්‍යාග කෙරිණි.
මීට අමතරව මෙම ගැබිණි මව්වරුන්ගේ දරු ප්‍රසූතිය පහසු කිරීමට ආශිර්වාද කරමින් අංගුලිමාල පිරිත සජ්ජායනය කරන ලද පිරිත් පැන් බෝතල් ද පිරිනැමිණ. එසේම නොමිලේ රුධිර පීඩනය මැනබැලීම, රුධිරයේ සීනී තත්ත්වය පරික්ෂා කිරීම ද සිදු කෙරිණ.
එමෙන් ම වැඩිහිටි කාන්තාවන් 28 දෙනෙකු සඳහා නොමිලේ ඇස් පරීක්ෂා කර ඇස්කණ්නාඩි ලබාදීමක් ද සිදු කෙරිණි.
යුනිවර්සල් මානව හිමිකම් සංවිධානයේ උතුරු මැද පළාත් අධ්‍යෂිකා වෛද්‍ය නිෂාධි පානබොක්කේ මහත්මිය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාවට යුනිවසල් මානව හිමිකම් සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් සිංහ කේ.ඩී.ඉන්ද්‍රජිත්, පරිපාලන අධ්‍යක්ෂිකා ඩබ්ලිව්. එම්. වික්‍රමාරච්චි, බෞද්ධ කටයුතු උපදේශක පූජ්‍ය මහමිතව පඤ්ඤාරතන හිමියන්, පූජ්‍ය මහමිතව ධම්මභාෂිණි මෙහෙනණින් වහන්සේ, ක්‍රිස්තියානි කටයුතු උපදේශක පූජක ඩී.ටී.පී.කේ.තිරිමාන්න, මාධ්‍ය කටයුතු අධ්‍යක්ෂ චතුරංග වික්‍රමසිංහ, අනුරධපුර දිස්ත්‍රික් සෞඛ්‍ය, පාරිසරික හා සමාජ කටයුතු අධ්‍යක්ෂ වෛද්‍ය සුනිල් අබේරත්න, අනුරධපුර දිස්ත්‍රික් අධ්‍යාපන හා සමාජ කටයුතු අධ්‍යක්ෂ ශිවනේෂන් මනිමාරන්, අනුරධපුර දිස්ත්‍රික් අධ්‍යාපන, කාන්තා හා ළමා සමාජසේවා කටයුතු සම්බන්ධීකාරක එච්.ජී. චම්පිකා ප්‍රියදර්ශනි, අනුරාධපුර දිස්ත්‍රික් මහජන හා සමාජසේවා කටයුතු සම්බන්ධිකාරක අදීෂ් මොහොමඩ් හා කෑගල්ල සම්බන්ධිකාරක සුමිත් තෙන්නකෝන් ඇතුලු ආරාධිතයින් පිරිසක් සහභාගී වී සිටියහ.


