කුරුවිට, වර්ෂා අමරජිත්.

ලංකාවේ වැඩිපුර වකුගඩු රෝගයට ගොදුරු වන්නේ වයස අවුරුදු 30ත් 70ත් අතර වයස්වල පසුවන්නන් බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය.
ලෝක වකුගඩු දිනය ට සමගාමීව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවති වැඩසටහනකට එක් වෙමින් ඔහු මෙසේ පැවසීය. නියෝජ්‍ය අමාත්‍යවරයා තව දුරටත් පැවසූවේ “ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේ 10 % ක් පමණ වකුගඩු රෝගයෙන් පෙලෙන බව 2023 වසරේ දත්තවලින් පැහැදිලි වන බවය.එම නිසා දිගුකාලීනව වකුගඩු රෝගය නිසා රෝහල් ගතවන සංඛ්‍යාව 2,13,448 ක් ද මරණ සංඛ්‍යාව 1626 ක් ද වාර්ෂික ව වාර්තා වන බව නියෝජ්‍ය අඅමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේය
.වකුගඩු බද්ධ කිරීමේ සහ අනෙකුත් ප්‍රතිකාර සදහා වාර්ෂිකව රජයවිශාල මුදලක් වැය කරයි.
