44 වනු යෞවන සම්මාන උළෙලේදී එකසිය හැටකට සම්මාන

ජගත් විජේසූරිය –කොළඹ.

44 වැනි ජාතික යෞවන සම්මාන ප්‍රදාන උළෙල ඊයේ ප්‍රස්වරුවේ ආගමු අගමැතිතුමියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා..

නර්තන, චිත්‍ර,පද්‍ය රචනා, නිවේදන ඇතුළු සංස්කෘතික තරග අංශ 91 ක ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් (සෙමෙන් වැඩෙන මනස හා වෙනත් ආබාධතා සහිත තරුණ තරුණියන් 05 දෙනෙකුද ඇතුළුව) 160 දෙනෙකු යෞවන සම්මානයෙන් පිදුම් ලැබුවා.
තවද සිංහල දිගු නාට්‍ය 04 ක, කෙටි නාට්‍ය 20 සහ දමිළ කෙටි නාට්‍ය 06 ක, දිගු නාට්‍ය 02 ක ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට සම්මාන ප්‍රධානය කෙරුණා.

තරුණ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා,තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා,ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සහ සභාපති සුපුන් විජේරත්න මහතා ඇතුළුව ප්‍රවීන කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් උත්සවය පැවැත්වුණා.

සම්මාන උළෙල අමතමින් අගමැතිතුමිය පැවසුවේ, “කලා නිර්මාණ තුළින් ලබාදෙන පණිවිඩය සමාජයට ඉතා වැදගත් බවයි.තරුණ සේවා සභාව තුළින් කලාකරුවන් රැසක් රටට බිහිකර තිබෙනවා.වර්තමානයේ උසස් කලා නිර්මාණ හිගයි.මෙවන් අවස්ථාවක තරුණ සේවා සභාව ගෙනයන වැඩ පිළිවෙළ අගය කළ යුතුයි ඇ*යනුවෙනි.

ඊයේට යෙදී තිබු අගමැතිනියගේ උපන්දිනය වෙනුවෙන් යාපනය සිට පැමිණි සම්මානලාභී තරුණියක් එතුමියගේ රුව සහිත සමරු නිර්මාණයක් ප්‍රදානය කළ අතර රැස්ව සිටි තරුණ තරුණියන් අගමැතිනියට සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කළා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *