වැලිගම තරංග ගුණරත්න

දෙවුන්දර ශ්‍රි විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ ඊයේ (21) දින රාත්‍රි සිදුකල වෙඩි තැබිමකින් එම ප්‍රදේශයේම පදිංචි තරුණයන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි ගන්දර පොලිසිය පවසයි
(21 ) දින රාත්‍රී 11 :45 ට පමණ මෙම වෙඩිතැබීම සිදුව ඇතිි බවට පොලිසිය පවසයි.
මෙ වෙඩි තැබිමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දෙවිනුවර සිංහාසන පාරේ පදිංචිව සිටි වයස (29 ) යොමේෂ් නදිෂාන් සහ වයස (26 ) පසිදු තාරුක නැමති තරුණයන් දෙදෙනකු බව පොලිසිය පවසයි.
වෙඩි ප්‍රහාරයට ලක්වු තරුණයන් දෙදෙනාගේ මිතුරෙකුගේ උපන් දිනය සාදයක් දෙවිනුවර කපුගම්පුර ප්‍රදේශයේ නිවසක පවත්වා ඇති අතර එයට මෙම තරුණයන් දෙදෙනා සහභාගි වී රාත්‍රී නැවත සිය නිවෙස් වෙත යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී පසුපසින් පැමිණි වැන් රථයක් දෙව්න්දර ශ්‍රි විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස දි එම යතුරුපැදියේ වෑන් රථය හප්පා අනතුරට පත් කොට අනතුරුව වෙඩි තැබිම සිදු කර ඇති බවට පොලීසිය සිදු කල මුලික විමර්ශන වලදි අනාවරනය වු බව පොලීසිය පවසයි.
වෑන් රථයකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් විසින් ටි-56 ගිනි අවියකින් සහ මිලිමීටර් 9 පිස්තෝල වර්ගයේ ගිනි අවි භාවිතා කරමින් එම තරුණයන් දෙදෙනාට වෙඩි තැබිම සිදු කොට වෙඩික්කරුවන් පලා ගොස් තිබූ බවට අනාවරණය වී තිබිණි.
වෙඩි තැබිම සිදුවු ස්ථානයේ තිබි ටී-56 උණ්ඩ කොපු 39ක් ජීව උණ්ඩ 02ක්ද මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ කොපු 02ක් හා ජීව උණ්ඩ 02ක් හමුවී තිබිණි.
කෙසේ වුවත් පොලිස් නිලධාරීන් විසින් සිදු කළ විමර්ශනමත
වෙඩික්කරුවන් පැමිණි බවට සැක කෙරෙන එවුරි වර්ගයේ වෑන් රථයක් වෙඩි තැබිම සිදුවු ස්ථානයේ සිට මීටර් 800ක් පමණ දුරින් පිහිටි අතුරු මාර්ගයකට දමා ගිණි තබා ගොස් තිබියදි පොලීසිය විසින් සොයාගෙන තිබේ.
එම සැකකාර වෑන් රථය තුළ තිබු ටි-56 තුවක්කුවකට යොදන මැගසීනයක් හා තවත් ටි-56 උණ්ඩ කොපු හමුවි තිබිණි.
කෙසේ වුවද වෙඩි තැබිම සිදුවු ස්ථානයේ මහේස්ත්‍රාත් පරීක්ෂණය මාතර අතිරේක මහෙස්ත්‍රාත් මාලන් ශිරාන් ජයසුරිය මහතා විසින් අද (22) අලුයම් කාලයේදිම සිදු කරන ලදි.
වෙඩි තැබිම සිදු කල පුද්ගලයින් හෝ මෙම වෙඩි තැබිමට හේතුව පිලිබදව මෙතෙක් කිසිවක් අණාවරණය නොවන බවත් වෙඩිතැබිම සම්බන්ධයෙන් මාතර හා තංගල්ල කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා, මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විකුම් ගිනිගේ මහත්වරුන්ගේ උපදෙස් හා ගන්දර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද ජයලත් මහතාගේ අධීක්ෂණය යටතේ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සලින්ත අමරසිංහ, මහතා සහ අවට පොලිස් ස්ථාන කිහිපයක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ තංගල්ල කඳවුරේ සහ වැලිගම පුෂ්පාරාම කඳවුරේ නිලධාරින් එක්ව පරීක්ෂණ මෙහෙයවති.



