රැප් ගායකයා සොයා ගිය පිස්තෝලය

වැලිගම  තරංග ගුණරත්න 

මාතර  කොටවිල ප්‍රදේශයේ පිහිටි  පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කර්යංශයට අයත් පිස්තෝල වර්ගයේ  ගිණි අවියක් හා එයට යොදන ජීව උණ්ඩ 10ක් අස්ථානගත විම සම්බන්ධයෙන්  සිදු කළ පරීක්ෂණ මත ප්‍රසිද්ධ රැප් ගායකයෙකු සන්තකයේ තිබියදී  අත්අඩංගුවට ගැනීමට  මාතර කො⁣ට්ඨාශ අපරාධ විමර්ශන අංශය සමත් ව ඇත.

මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශයට අයත් ගිණි අවි අතර ටී 56 ගිනි අවි දෙකක්ද  පිස්තෝල වර්ගයේ ගිනි අවි තුනක්ද  වන අතර එය  සුරක්ෂිතව තබා ගැනීම සඳහා කොටවිල පොලිස් ස්ථානයේ අවි බහා තබන ආරක්ෂක පෙට්ටියක සුරක්ෂිතව තිබු බව සදහන් වෙි

මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය මගින්  රාජකාරී කටයුත්තක්  සඳහා  ගිනි අවි ලබාගැනීමට කටයුතු කොට තිබේ එම අවස්ථාවේදී එම කාර්යාංශය සතු ගිනි අවි අතර  පිස්තෝල වර්ගයට අයත්  ගිණි අවියක් අස්ථානගත වි තිබු බවට තොරතුරු අනාවරණය වී තිබිණි.
පසුව ඒ  සම්බන්ධයෙන් එම අවි බහා තබන ස්ථානයේ පිහිටි   ආරක්ෂිත කැමරා ( සි.සි.ටි.වි )  දර්ශන පරික්ෂා  කිරිමේදි පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශයට අනුයුක්තව සේවය කල  පොලිස් කොස්තාපල්වරයෙකු අවි බහා තබන  ආරක්ෂිත  පෙට්ටියෙන් පිස්තෝල ගිණි අවියක් ගෙන ඔහුගේ ඉනෙහි සඟවා ගන්නා ආකාරය  ඉකුත්  06  දින  එහි පටිගත වී තිබිණි.
මෙම ගිනි අවිය සඟවා ගත්  සැකකාර පොලිස් නිලධාරියා කලක්  ඇමති ආරක්ෂක ඒකකයේ රාජකාරී සිදුකොට මාසයක් වැනි කාලයක්   කොටවිල පිහිටි පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශයේ සේවය කොට ඇති බව සදහන් වේ 
කෙසේ නමුත්  රාජකාරි කටයුත්තක් සඳහා  ගිණි අවි දෙකක් රැගෙන එන ලෙස ඔහුට කරන ලද දැනුම් දිම මත ගිනි අවි දෙකක් සටහන් යොදා රැගෙන අස්ථානගත ගිනි අවිය රහසිගතව ඉනේ සඟවා ගෙන ඇතැයි ,සිදු කරන ලද මුලික විමර්ශන වලදි අනාවරණය වි තිබේ.
මෙම අතරතුර කාලයේදි මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයා මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයෙන් මන්නාරම කොට්ඨාශයට නිල ඇදුම් රාජකාරි සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු නියෝග ලැබ ඉකුත්  08  වන දින පිටව ගොස් තිබේ.
මෙම සැකකාර පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් සිදුකළ විමර්ශන මත මන්නාරම කොට්ඨාශය මගින් මෙම සැකකාර පොලිස් කොස්තාපල් වරයා අත්අඩංගුවට  ගන්නා ලදී. සිදු කරන ලද ප්‍රශ්න කිරිම් වලදි ඔහුගේ ඥාතියකු වන ප්‍රසිද්ධ රැප් ගායකයා වෙත  අදාළ ගිනිඅවිය ලබා දී තිබූ බව අනාවරණය වී තිබිණි.
ඒ අනුව හෝමාගම පොලිස් ස්ථානය මේ පිලිබදව දැනුම්වත් කොට  ⁣හෝමාගම ගොඩගම ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි ප්‍රසිද්ධ රැප් ගයකයා සන්තකයේ තිබු  සොරකම් කරන ලද පිස්තෝලය හා උණ්ඩ මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින්  අත්අඩංගුවට ගෙන තිබේ 
ඒ අනුව  සැකකාර පොලිස් නිලධාරියා සහ රැප් ගායකයා  පිළිබඳව  තවදුරටත් පරීක්ෂණ පැවැත්වීම සඳහා  මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කොට රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතව තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *