වැලිගම  තරංග ගුණරත්න 

වැලිගම -වැලිපිටිය මහජන පුස්තකාලයේ පවත්වාගෙන ගිය “නැණසල”  පරිගණක මධ්‍යස්ථානයට  පුහුණුකරුවෙකු  නොමැති වීමෙන් වසර (6) සිට  පරිගණක යන්ත්‍ර ඇතුළු උපකරණ රැසක්  විනාශයට පත් වෙමින් තිබෙන බවට ජනතාව  පවසති .

වැලිගම ප්‍රාදේශීය සභාව යටතේ වැලිපිටිය ප්‍රදේශයේ පිහිටි  වැලිපිටිය මහජන පුස්තකාල ගොඩනැගිල්ලේ  මෙම නැණසල පරිගණක මධ්‍යස්ථානය පිහිටා තිබේ.
එය  2015   වර්ෂයේ  එවකට  වැලිගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ධුරය දැරූ  ජයන්ත කොඩිතුවක්කු  මහතාගේ  යෝජනාවකට අනුව  සභාපති පුෂ්පකුමාර බැට්ටගේ මහතා විසින්  ආරම්භ කළ බව  සදහන් වෙි .
මෙම  නැණසල පරිගණක මධ්‍යස්ථානය  වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම සේවා වසම් තිස් අටක්   (38 ) සදහා  රජය සතු  එකම පරිගණක මධ්‍යස්ථානය බවද  පැවසේ.
එ අනුව   ග්‍රාම සේවා වසම් 38ක පදිංචි  අධ්‍යාපනය ලබන දූ දරුවන් ට රුපියල් එක්දහස් පන්සීයක් වැනි සහනදායි මිලකට පරිගණක පුහුණුව ලබා ගැනීමටත් පුහුණුව අවසන් කිරීමෙන් පසු වටිනා සහතික පතක් ලබා ගැනීමටත් මෙමගින්  අවස්ථාව ලැබී තිබිණි.
තවද විශේෂයෙන් විවිධ රැකියා නියුතු  මහත්ම මහත්මීන්ට ද මෙම ආයතනය මගින්  පරිගණක පුහුණුව ලබාගැනීමට හැකියාව ලැබී තිබූ බව සදහන් වෙි ..
එවැනි වටිනා සේවාවක් සිදුකළ ආයතනයක් ලෙස එය දීර්ඝ කාලයක් පැවති අතර  2019 වර්ෂයේදී එහි පුහුණුකරු ලෙස සේවය කළ  නිලධාරියා  වැලිගම ප්‍රාදේශීය සභාවෙි කාර්යාලයට අනුයුක්ත කිරීමත් සමග  නැණසල පරිගණක පුහුණු  මධ්‍යස්ථානයට පුහුණුකරුවකු නොමැති වීමෙන් මෙම ආයතනය වැසියාමට ලක්ව තිබේ. ඒ සමඟ  ප්‍රදේශයේ දරුවන්ටත් , රැකියා නියුතු මහත්ම මහත්මීන්ටත්, පරිගණක පුහුණුව ලබා ගැනීමේ අවස්ථාව අහිමි වී තිබේ .
එහි ප්‍රතිඵලයක් ලෙස එම ආයතනය සතු පරිගණක හතරක් ඇතුළු උපකරණ රැසක්   වසර හයක් පමණ කාලයක සිට විනාශ වෙමින් තිබෙන බව  ජනතාව පෙන්වා දෙති.
තවද මෙම පුස්තකාලය මගින් සහනදායි මිලකට  ෆොටෝ කොපි ලබා ගැනීමේ සේවාවක් ක්‍රියාත්මක වූ අතර එම යන්ත්‍රයය  ද   ඉවත් කොට වසර ගණනාවක් ඉක්මවා ගොස් ඇති බවද ජනතාව කියා සිටිති.
ඊ.තාක්ෂණයෙන්  දරුවන් සවි බල ගැන්වීම සඳහා   මෙම වටිනා උපකරණ යොදා ගනිමින්  නැවත්  නැණසල  පරිගණක  පුහුණු  මධ්‍යස්ථානය  ආරම්භ කරන ලෙස   ප්‍රදේශයේ  ජනතාව බලධාරින්ගෙන්  ඉල්ලා සිටිති. 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *