යසංග මහවිතාන
අද උදෑසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින්ම නිකුත් කරන ලද කාලගුණ වාර්තාවට අනුව උතුරු උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත් වලත් මාතලේ නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසිි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසී ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
උතුරු නැගෙනහිර බස්නාහිර සබරගමුව වයඹ සහ ඌව පළාත් වලත්,ගාල්ල මාතර මාතලේ නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද එහි සඳහන් වේ.
උතුරු උතුරු මැද නැගෙනහිර සහ වයඹ පළාත් වලත් මාතලේ නුවරඑළිය මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 30- 40 පමණ තරමක තද සුළං ඇති විය හැකි බවද එම වාර්තාවේ සඳහන් වේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන් අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
