වැලිගම තරංග ගුණරත්න
වැලිගම නගරයේ ප්‍රධාන පාසලක පැවැති ත්‍යාග සහ සහතික පත් උත්සවයක් පැවති දිනය වර්ජනය කරමින් අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සේවකයන් හතර දෙනෙකු නොදන්වා නිවාඩු ලබා ගැනීම හේතුවෙන් ගුරුවරුන් සහ දරුවන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි ආරංචි මාර්ග පවසයි .
සිද්ධිය සිදුව ඇත්තේ වැලිගම අධ්‍යාපන කොට්ඨාසයට අයත් වැලිගම නගරයේ ප්‍රධාන ජාතික පාසලකය.
මෙම විද්‍යාලයේ ක්‍රීඩා උත්සවය වසර දෙකකට වරක් පැවැත්වෙන අතර ඒ අනුව මෙම වර්ෂයට නියමිත ක්‍රීඩා උත්සවය නිමා වීමෙන් පසු එම ක්‍රීඩා උත්සවයේ දක්ෂතා විදහා දැක්වූ දරුවන් වෙත ත්‍යාග සහ සහතික පත් ප්‍රධානය කිරීමේ උත්සවය (10 )දින විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු යොදා තිබිණි.
ඒ අනුව සියලු කටයුතු සූදානම් කර තිබුණත් පාසල සාමාන්‍ය පරිදි පැවතෙන දිනයක් මෙන් උත්සවය පැවති දිනයේදීද පාසල පිරිසිදු කර ගැනීම අනධ්‍යයන කාර්යමණ්ඩලයේ වගකීමක් ලෙස රාජකාරී පැවරී තිබුණත්, මෙම උත්සවය වර්ජනය කරමින් අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ (¡¡ ) ශ්‍රේණියේ හතර දෙනකු නොදන්වාා සේවයට නොපැමිණි බවට වාර්තාවේ.
පාසලේ පැවැත්වෙන විශේෂ උත්සවය කෙසේ වුවද සාමාන්‍ය පරිදි පාසල පැවැත්වෙන දිනයක් බැවින් පාසල පිරිසිදු කර ගැනීමට නොහැකි වීමෙන් ගුරුවරුන් සහ දරුවන් දැඩි අපහසුතාවට පත් වූ බව වැඩි දුරටත් සඳහන් වේ.
තවද මෙම මෙම සේවකයන්ගේ රාජකාරී වේලාව උදෑසන 7 සිට සවස 3:45 දක්වා යෙදී තිබුණත් බොහෝ දෙනකු එම වේලාව යොදමින් තම අත්සන සලකුණු කොට සවස 2:00 ට පාසලෙන් පිටව යන බවද ආරංචි මාර්ග පවසයි
