වැලිගම තරංග ගුණරත්න
ගොයම් කැපීම සඳහා යොදාගන්නා (භූතයා ) යන්ත්‍රයක් ට්‍රැක්ටර් ටේරලයෙන් බෑමට උත්සාහ ගැනීමේදී එය පෙරළීමට ලක්වීමෙන් එහි රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වැලිගම පොලිසිය පවසයි .
මෙම රියදුරා අනතුරට ලක්ව ඇත්තේ වැලිපිටිය, බෙරලෑලිය , රාජකාරී වේල්ල නැමැති ප්‍රදේශයේ කුඹුරු යායක ගොයම් කැපීම සඳහා රැගෙන එන ලද ( භූතයා ) යන්ත්‍රයක් එය රැගෙන එන ලද ටේලරයෙන් බිමට බෑමට උත්සාහ කිරීමේදීය.
මෙම අනතුර ( 7 ) දින පස්වරුවේදී සිදුව ඇති අතර මෙහිදී අනතුරට පත් වූ තරුණයා අසල්වාසීන් විසින් හැකි ඉක්මනින් වැලිගම ,වලාන රජයේ රෝහල වෙත රැගෙන යාමට උත්සාහ කළද රෝහල් ගත කරන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වැලිගම ,වැලිපිටිය, මුනමල්පෙ ප්‍රදේශයේ පදිංචි වයස 32 පමණ වන කසුන් චාමර නමැති අවිවාහක තරුණයකු බව සදහන් වෙි.
මරණ පරික්ෂණ කටයුතු මාතර මහ රෝහලේදී සිදු කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය පරීක්ෂණ මෙහෙයවයි.

