වැලිගම ඩෙංගු 75 පනී

වැලිගම තරංග ගුණරත්න

වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයට  අයත්  වැලිගම නගරයේ සහ අවට  ප්‍රදේශවල පමණක්  ඩෙංගු රෝගීන් හැත්තෑ පස් දෙනෙකු පමණ (75 ) මේ වන විට හඳුනාගෙන ඇතැයි  ආරංචි මාර්ග පවසයි .

ඩෙංගු රෝගීන් හඳුනාගෙන ඇති ප්‍රදේශ අතර  වැලිගම පරණ කඩේ ,  හෙට්ටිවීදිය , කප්පරතොට උතුර, කප්පරතොට දකුණ  යන ග්‍රාම සේවා  ප්‍රදේශය සහ මිරිස්ස නගරය  ප්‍රධාන වශයෙන්  වේ.
එම ප්‍රදේශ අතරින් මේ වසරේ ගෙවී ගිය කාලපරිච්ඡේදය තුළ පමණක්  ඩෙංගු රෝගීන් හැත්තෑ පස් දෙනකු (75 ) හඳුනාගෙන ඇති බව සඳහන්  වෙි .  තවද  මිරිස්ස  උඩුමුල්ල  ප්‍රදේශයේ  වයස පනහක් පමණ පුද්ගලයෙකු  ඩෙංගු රෝගය හේතුවෙන් මිය යන්නට ඇති බවට සැක කරන බව    ආරංචි මාර්ග පවසයි.කෙසේ වෙතත් එම තත්ත්වය තවදුරටත්  පාලනය කිරීම සඳහා මේ වන විට  විවිධ වැඩසටහන්  රැසක් ක්‍රියාත්මක කොට ඇති අතර  ඒ අතර  මදුරු කීටයන්   බෝවීමට හැකිවන පරිදි කටයුතු කළ  නිවාස දහයක් සඳහා   නීතිමය කටයුතු සිදුකොට ඇති අතර  විශේෂ කණ්ඩායම් යොදවා සිදුකළ පරීක්ෂා කිරීම් ගණන දෙදහස් පන්සීයක් පමණ ද  අවවාද කිරීම් තුන්සියක් පමණද වේ.
  මෙම තත්ත්වය තවදුරටත් පාලනය කිරීම සඳහා වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ,  වැලිගම පොලිසිය,  කොටවිල පොලිසිය වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සිවිල්  ආරක්ෂක කමිටු සහ ප්‍රදේශයේ ස්වේච්ඡා සංවිධාන  මෙන්ම මිරිස්ස උඩුමුල්ල සණස බැංකුව ආදී ආයතනයන්හිද සහයෝගය මත.  විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් පවතින බව  වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ  නව වෛද්‍ය නිලධාරි ප්‍රදීප් ගමාචිගේ මහතා පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *