කසල කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක්

ඇහැලියගොඩ – රන්ජන් මඩගම්මන

                    

*කසල කළමනාකරණය ආකල්ප සංවර්ධන වැඩපිළිවෙළ සඳහා  ප්‍රජා දායකත්වය ලබාගැනීම  හා පාසල් මට්ටමින් කසල කළමණාකරණය විධිමත් කිරීම ගැන දැනුවත් කිරිම*

සබරගමුව පළාත් ගරු ආණ්ඩුකාරතුමියගේ උපදෙස් මත පිහිටවනු ලැබු ඇහැලියගොඩ  ප්‍රාදේශීය සභා සීමාවේ කසල කළමනාකරණය විධිමත් කිරීමේ හා ජනතා ආකල්ප සංවර්ධනය කිරීම සඳහා විශේෂ වැඩසටහන් මාලාවක් ඇහැලියගොඩ තරුණ එකමුතුව සහ මනුසත් බලකාය විසින් සංවිධානය කෙරේ.

    ආයතන මගින් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන්, නිතර කුණු දමන ස්ථානවල විධිමත් පුවරු සැකසීම, අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා නියමිත ස්ථාන සකස්කර මහජනතාව සහ ආයතන දැනුවත් කිරීම,අපද්‍රව්‍ය එකතු කිරීම සඳහා ප්‍රවාහන සේවය සැලසීම,වගකිවයුතු රාජ්‍ය ආයතන සම්බන්ධීකරණය, මගින් ලස්සන නගරයක් තේමා කර ගනිමින් මෙම වැඩසටහන දියත් කෙරේ.

 ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  සහකාර අධ්‍යක්ෂ ක්‍රමසම්පාදන

අයි.ඩබ්. රත්නායක මහතාගේ හා පරිසර නිලධාරිණී සුරේනි මහත්මියගේ   සම්බධීකරණයෙන්   හා ලස්සන ඇහැලියගොඩ තරුණ සංවිධානයේ සුදර්ශනී මහත්මියගේ  සම්පත් දායකත්වයෙන්

මනුසත් බලකාය සංවර්ධන අධ්‍යක්ෂක ජානක  සංජීව මහතාගේ සහභාගීත්වයෙන් දෙමාපියන් දැනුවත්  කිරීම සහ දරුවන් දැනුවත් කිරිම වරින් වර සිදුවීම  ද සිදුවේ.

1.ඉවත ලන පොලිතින් වලින් Eco Bricks සෑදිම

2.ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය ක්‍රියාවලින්

3.සායනික අපද්‍රවය බැහැර කිරිම සම්බන්ද ව

4.වෙන් කළ කසල භාර දිම සම්බන්ද ව

5.පොලිතින් සහ ප්ලාස්ටික් පිලිස්සිමෙන් පරිසරයට සහ මිනිස් ජිවිතයට වන හානි

6.නොදිරන කසළ වල දැමිමෙන් සිදුවන හානි

7.ක්‍රමවත්ව කසළ කළමණාකරනය කර පරිසරය සූරක්ශිත කිරිම යන කරුණු ඒ අතර වෙනවා.

ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාව,මහජන සෞඛ්‍ය සේවා  කාර්යාලය,පොලිස් ස්ථානය,ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,සියලුම රාජ්‍ය සේවා සහ  රාජ්‍ය නොවන සංවිධානවල එකමුතුවෙන් ඇහැලියගොඩ  තරුණ සංවිධානය සහ මනසත් බලකාය මූලිකත්වයෙන් වැඩසටහන අඛණ්ඩව සිදුවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *