සබරගමු පළාත කවි නඩුවට සැරසෙයි.

ඇහැලියගොඩ රංජන් මඩගම්මන 

 සබරගමුව  ජන කලා සංස්කෘතික කේන්ද්‍රය මගින් කරනු ලබන කවි නඩුව, කලා ශිල්පීන් රැසකගේ සහභාගිත්වයෙන් ඉදිරියේ  දී කරලියට ගෙන එන්නට සූදානම් කෙරෙයි.

        සබරගමු පළාතේ කවි කිවිඳියෝ, කලාකරුවෝ,කවියෙන් හා රංගනයෙන් දායක වෙති.කවිය හා කලාව වැනසී යන අවස්ථාවක එය සුරක්ෂිත  කිරීමට දරන වෑයමක් ලෙස කවි නඩුව ජනගත කිරීමට සූදානම් බව සබරගමුව ජන  කලාකේන්ද්‍රයේ ලේකම් සුනිල් මෝරගහවත්ත මහතා පැවසීය .

                              කවි නඩුව කරළියට ගෙන ඒමට ව්‍යාපාරික නඳුන් සමීර  විජේසිංහ මූල්‍යමය  දායකත්වයෙන් සහය ලබාදේ. කාව්‍ය විශාරද චන්ද්‍ර රුවන්පුර ,ධම්මික මංචනායක , හේරත්   බණ්ඩාර, නීතා රාජපක්ෂ, රත්න මැණිකේ, ශාස්ත්‍රපති ඇම්.ඒ.සී.රන්ජන්, සරත් අම්පාර

චිත්‍රා මුහන්දිරම්,පියසීලි,කුසුම්සිරි,     ජයන්ත වීරසිංහ,රත්නායක මැණිකේ,පත්මා දුනුසිංහ, ඇතුළු කලාකරුවෝ රැසක් මෙයට එක්වෙති..

                     මෙහි   අධ්‍යක්ෂණය- සුනිල් මොරගහවත්ත විසිනි. සහය අධ්‍යක්ෂණය- ප්‍රේමසිරි කවිරුවන් මහතා විසින් සිදු කෙරේ .දිල් TV මගින් මාසිකව විකාශනය කිරීමට නියමිතය.

              අපේ කම,දේශීයත්වය පිළිබිඹු කර, ආගම, සදාචාරය ඉස්මතු කිරීම වැඩසටහන මගින් සිදුවේ.  .

Leave a Comment

Your email address will not be published. Required fields are marked *