26 වැනි Expo Culinaire ජාත්‍යන්තර සූපවේදී තරගාවලියෙන් ශ්‍රී ලංකාවට පදක්කම් රැසක්

ලක්මිණි නදීෂා 

 26 වැනි “එක්ස්පෝ කලිනරි” (Expo Culinaire ) ජාත්‍යන්තර සූපවේදී තරගාවලියට ශ්‍රී ලංකාව් නියෝජනය කරමින් සහභාගී වූ , සූපවේදිනියන් තිදෙනෙක් රන් පදක්කම් 04 ක් , රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කම් 03 ක් දිනා ගෙන අද (29) දින කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

මෙම තරගාවලිය එක්සත් එමීර් රාජ්‍යයේ, සජා නුවර ලෝකයේ රටවල් 20 ක තරගකරුවන් 1000කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගිය 21 දින සිට 23 දින දක්වා පැවැත්වුණි.

එහිදී කස්තුරි රාමේෂ්වරන් සූපවේදිනිය රන් පදක්කමක් , රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 02 දිනා ගැනීමට සමත් වී සිටියාය. යාපනය ප්‍රදේශයේ පදිංචි ඇය එම ප්‍රදේශයේ සූපවේදී පාඨමාලා පවත්වන ආයතනයක් පවත්වා ගෙන යන්නියකි.

එමෙන්ම මීගමුව ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන එෆ්.නිලූෆා රන් පදක්කමක් , රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් මෙම තරගාවලියේ දී දිනා ගැනීමට සමත් වී සිටියාය. ඇය ද මීගමුව ප්‍රදේශයේ සූපවේදී පාඨමාලා පවත්වන ආයතනයක්  ගෙන යමින් සිටින්නියකි.

එසේම එම්.ආර්.එෆ්.ෆස්ලියා මෙම තරගාවලියේ දී රන් පදක්කම් 02 ක් සහ රිදී පදක්කම් 01 ක් දිනා ගැනීමට සමත් වී සිටියාය . ඇය කොළඹ ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන අතර , ඇය ද එම ප්‍රදේශයේ සූපවේදී පාඨමාලා පවත්වන ආයතනයක හිමිකාරියකි..

ඔවුන් තිදෙනාම පළමු වරට මෙවැනි ජාත්‍යන්තර තරගවලියකට ඉදිරිපත් වී, එහිදී මෙවන් ජයග්‍රහණයන් ලබා ගැනීම විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *