ජාත්‍යන්තර මාතෘ භාෂා දිනය අදයි

ජගත් විජේසූරිය 0772980821 කොළඹ



ජාත්‍යන්තර මාතෘ භාෂා දින සැමරුම් උත්සවය අද පෙරවරුවේ  අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් නිදහස් මන්දිරයේදී පැවැත්වුණා.

2000 වසරේ සිට සෑම වසරකම යුනෙස්කෝව සහ එහි සාමාජික රටවල් පෙබරවාරි 21 වන දින ජාත්‍යන්තර මාතෘ භාෂා දිනය ලෙස ගෝලීය වශයෙන් සමරනු ලබයි.
බංගලාදේශයේ මව් භාෂාව ආරක්ෂා කිරීමේ අද්විතීය ඉතිහාසය සහ භාෂාමය විවිධත්වය සහ බහු සංස්කෘතිකත්වය සඳහා ගැඹුරු කැපවීම මෙම දිනය නම් කිරීමට හේතුවී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහකොමසාරිස් කාර්යාලය සංවිධානය කළ සැමරුම් උත්සවය අධ්‍යාපන අමාත්‍යාංශය, එක්සත් ජාතීන්ගේ සංවිධානය, සහ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සහ පාසල් සිසුන් සම්බන්ධ කර ගනිමින්  පැවැත්වුණා.

මෙවර තේමාව “සාමය සහ සමගිය සඳහා භාෂාව” යන්නයි. පාසල් සිසුන් අතර පැවති නිර්මාණ තරගයේ ජයග්‍රාහකයින් සඳහා සම්මාන ප්‍රදානය කිරීම,නිර්මාණාත්මක ලේඛන සහ කෙටි වීඩියෝ නිර්මාණ තරඟාවලියේ ජයග්‍රාහකයන් සදහා සහතික පත් ප්‍රධානය කිරීම අගමැතිතුමිය අතින් සිදුකෙරුණා.

අග්‍රාමාත්‍යතුමිය අදහස් පළකරමින් සඳහන් කළේ 1999 දී බංගලාදේශයේ සිසුන් ගෙන ගිය අරගලයක ප්‍රතිඵලයක් ලෙස යුනෙස්කෝව මෙම දිනය වෙන්කළ බවයි. භාෂාව අදහස් හුවමාරුවට පමණක් නොව සංස්කෘතික අනන්‍යතාවයද තහවුරු කරන බව අගමැතිනිය වැඩිදුරටත් සඳහන් කළා.
ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් ඉල්ලියාස් මහතා,විදේශ තානාපතිවරුන්, රාජ්‍ය නිලධාරීන්  ඇතුළු ආරාධිතයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *