විකිණීමට සූදානම් කළ ගජ මුතු සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

මංගලනාත් ලියනආරච්චි.  –  ත්‍රීකුණාමලය.

රුපියල් ලක්ෂ විස්සකට විකිණීමට සූදානම්කර තිබු ගජමුතු දෙකක් සමග පුද්ගලයෙකු 17 දින සවස ත්‍රීකුණාමලය 3 කණුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට ත්‍රීකුණාමලය සර්ධාපුර විශේෂ කාර්‍ය බලකා කඳවුරේ නිළධාරින් සමත් වී ඇත.

යුධ හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.අත්අඩංගුවට පත් අය යාපනය කයිට්ස් ප්‍රදේශයේ අයෙකි. සැකකරුට මම ගජමුතු මන්නාරම ප්‍රදේශයේ අයෙකු ලබා දුන් බව පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත.සැකකරු හා ගජමුතු උප්පුවේලි පොලිසියට භාර දී ඇති අතර උප්පුවේලි පොලිසිය මේ සම්බන්ධයෙන්  වැඩිදුර පරීක්ෂණ  මෙහෙයවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *