-රජයේ ප්‍රධාන වතු සමාගම් තුනේ කෝටි පන්සියයකට වැඩි ඊ.පී.එෆ්, ඊ.ටී.එෆ්.හිඟයක්

මොහොමඩ් ආසික්

ගෙවන්න ප්‍රමාණවත් මුදලක් වෙන් කරන්නැයි ලංකා වතු සේවා සංගමය රජයෙන් ඉල්ලයි

රජයේ ප්‍රධාන වතු සමාගම් තුනක් වසර 25 ක් තිස්සේ  සේවකයින්ගෙන් අය කර ගත් අර්ථ සාධක අරමුදලේ සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ හිඟය රුපියල් කෝටි 500 ඉක්මවන බැවින් එම මුදල් ගෙවීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රමාණවත් මුදල් වෙන් කරන ලෙස ලංකා වතු සේවා සංගමය රජයෙන් ඉල්ලා සිටියි.

ලංකා වතු සේවා සංගමය අද 16 වනදා මහනුවරදි පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම සංගමයේ ප්‍රධාන ලේකම් චතුර සමරසිිංහ මහතා මේ බව කීය.

මෙහිදී  තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවල පිහිටි රාජ්‍ය වැවිලි සමාගම් පිළිබඳව විශාල ගැටළු ප්‍රමාණයක් 2001 වසරේ සිට ක්‍රියාත්මක වෙමින්  තිබෙනවා.මේ ගැටළු සම්බන්ධයෙන් වර්තමාන රජයේ අවධානය යොමු කරන්නයි අපි බලොපොරාත්තු වෙන්නේ .

2001 වසරේ සිට රාජ්‍ය වැවිලි සංස්ථාවේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ ඒ වගේම ඇල්කඩුව වැවිලි සමාගමේ  වතු කාර්ය මණ්ඩලය ඇතුළු සේවකයින්ගෙන්  අය කර ගත් සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල විශාල වශයෙන් හිඟයක් පවතිනවා.මේ සමාගම් තුන මේ වන විට සේවකයින්ගේ වැටුපෙන් කපා ගන්නා ලද අර්ථ සාධක අරමුදල්වල හිඟය රුපියල් කෝටි 500 ඉක්මනවා.2001 සිට පත් වුන සෑම රජයක්  එක්කම අපි මේ ගැන සාකච්ඡා කළා.ඇමතිවරුන් එක්කත් සාකච්ඡා කළා. නමුත් අවාසනාවකට මේ තත්වය තවමත් වෙනස් වෙලා නෑ. මේ වන විට ඇතැම් සාමාජිකයෝ ඒ මුදල් හිමි අය මිය ගිහිල්ල තියෙනවා.ඔවුන්ගේ දරුවන්ටවත් මේ අර්ථසාධක අරමුදල බුක්ති විඳින්න  බැරි වෙලා තියෙනවා

අපේ ප්‍රධාන ඉල්ලීම තමයි මේ රාජ්‍ය වැවිලි සමාගම් තුන ගෙවිය යුතු  රුපියල් කෝටි 500 කට අධික  සේවක අර්ථසාධක, සේවා නියුක්තිකයින්ගේ  අරමුදල් වගේම පාරිතෝෂික දීමනා ගෙවීම සඳහා එම ගෙවීම් ආරම්භ කිරිමට තරම් ප්‍රමාණවත් මුදලක් මේ අයවැයෙන් වෙන කරන ලෙස මේ ජනතාවාදී ආණ්ඩුවෙන්  ඉල්ලා සිටින බවද ඒ මහතා මෙහිදී කීය.

ලංකා වතු සේවා සංගමයේ සභාපති නිශාන්ත වන්නිආරච්චි, එහි භාණ්ඩාගාරික මාරිමුත්තු සුදාකර් යන මහත්වරුන්ද  මෙම අවස්ථාවට එක්ව සිටියහ.

2025 02 16 ආසික්

ඡායාරූප

ප්‍රවෘත්ති සාකච්ඡාවේ  අවස්ථාවන්

රජයේ ප්‍රධාන වතු සමාගම් තුනේ  වතු සේවකයින්ගෙන් අය කර ගත් කෝටි 500 කට වැඩි ඊපීඑෆ් ඊටීඑෆ් හිඟයක්

Leave a Comment

Your email address will not be published. Required fields are marked *