මහා පරිමාණයෙන් කසිප්පු පෙරූ  අඹුසැමි යුවළ දැලේ…

නාඋල – ඉන්දික අරුණ කුමාර)

මාතලේ – නාඋල – කරවිලහේන ප්‍රදේශයේ දී නිවසක් තුළ පවත්වාගෙන ගිය මහා පරිමාණ කසිප්පු නිෂ්පාදනාගාරයක් වටලා එහි තිබු ගෝඩා මිලි ලීටර් ලක්ෂ අටක්(බැරැල් 04 ක්) සහ කසිප්පු මිලි ලීටර් 7500 ක් සිය භාරයට ගෙන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගවට ගත්බව නාඋල පොලිසිය කියයි.

නාඋල පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ටිරෝන් රත්නායක මහතාගේ උපදෙස් පරිදි අද(15) උදෑසන මෙම වැටලීම සිදුකර තිබේ.

මෙම වැටලීමේ දී පෙරිමට භාවිත කල  ගෑස් ලිපක්, ගෑස් සිලින්ඩරයක්,තඹ දzgaරයක්, පෙරිමට භාවිත කල බැරලයක් හා රබර් බට ද පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් යුවළ අඹුසැමියන් බවත් සැමියා මාවනැල්ල ප්‍රදේශයේ හා බිරිද නාඋල – හාඩුව ප්‍රදේශයේ බවත් පොලිසිය කියයි.

කුලි පදනම යටතේ කරවිලහේන ප්‍රදේශයෙන් ලබාගත් නිවසක සැකකරුවන් නැවති මෙම මහා පරිමාණ කසිප්පු ජාවාරම සිදුකර ඇති බව ද පොලිසිය කියයි.

අත්අඩංගුවට  ගත් සැකකරුවන් හා පෙරිමට භාවික කල උපකරණ ඇතුළු නඩු භාණ්ඩ නාඋල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නිමිමතව තිබිනි.

මෙම වැටලීම සදහා නාඋල පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ටිරෝන් රත්නායක,සැරයන් වරුන් වන 47271 විමලරත්න,35838 සෙනවිරත්න,71185 කොඩිතුවක්කු හා කොස්තාපල් වරුන්වන 66888 ගුණසේකර,82274 ඒකනායක සහ 88770 කරුණාතිලක යන මහත්වරු සහභාගී වූහ.

0ඔ

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *