2025.05.05 පළාත් පාලන මැතිවරණය සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද පෙට්ටි බෙදා හැරීම

 

නිමල් කොළඹිස්ස – මහනුවර

 

පලාත් පාලන මැතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කය සඳහා ජන්ද පෙට්ටි බෙදා හැරිමේ කටයුතු අද පෙරවරුවේ ආරම්භ විය.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලය ක්‍රියාත්මක අතර  වාරියපොල ශ්‍රී සුමංගල විදුහල සහ මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහල කේන්ද්‍ර කොට මැතිවරණයේ ඡන්ද පෙට්ටි නිකුත් කිරීමේ කටයුතු සිදුවිය.

මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 22ක් සඳහා සභිකයන් 637 දෙනෙකු පත් කර ගැනීම සිදුවන අතර මහනුවර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක ඡන්ද මධ්‍යස්ථාන ප්‍රමාණය 937කි. මධ්‍යස්ථාන 368කදී ඡන්දය ගණන් කිරීමේ කටයුතු සිදුවේ.

ලියාපදිංචි ඡන්ද දායකයන් දොළොස් ලක්ෂ දෙදහස් පන්සිය පනස් අට දෙනෙකු ( 1 202 558) මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයේ දුෂ්කරතම ඡන්ද මධ්‍යස්ථාන වන මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් උඩගල්දෙබොක්ක සහ ගලමුදුන යන මධ්‍යස්ථාන සඳහා වන ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම ද මෙහිදී සිදුවිය.

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *