නිමල් කොළඹිස්ස – මහනුවර
එම විදුහලේ කීර්තිමත් ශිෂ්‍යයෙකු වී ගුවන් හමුදාපති ධූරයට උපහාර පිදීම නිමිත්තෙන් මෙම උත්සවය සිදුකෙරිණි.
නව ගුවන් හමුදාපතිවරයා පාසලේ තූර්යයවාදන කණ්ඩායමේ උත්මාචාර මධ්‍යයේ පාසල කරා කැඳවාගෙන ඒම සිදුවිය. පසුව විද්‍යාලීය ආදී කර්තෘ රොබට් එම්. පෙරේරා පියතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව ජාතික කොඩි ඔසවා ජාතික ගීය හා පාසල් ගීතය වාදනය කිරීමෙන් පසු පිළිගැනීමේ උළෙල ආරම්භ විය.
එම විදුහලේ ආචාර්ය දෙගල්දොරුව රජමහ විහාරවාසී පූජ්‍ය වටගමුවේ ආනන්ද හිමි ඇතුලු මහා සංඝරත්නය, විදුහල්පති ආර්.ඒ.ඒ.ආර්. රණසිංහ මහතා සහ ආරක්ෂක අංශ නිලධාරීන්, ආචාර්යය මණ්ඩලය හා පාසලේ ශිෂ්‍යයන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.




