වැලිගම තරංග ගුණරත්න
නැති බැරි මිනිසුන් වෙනුවෙන් මාතර කෝට්ටෙගොඩ බෙලිවත්ත සුධර්මාශ්‍රම පුරාණ විහාරස්ථාන පින්බිමෙි දිනපතාම විවෘතව තැබෙන අපූරු දන්සල පිළිබඳව සොයා ගියෙමු.
ඓතිහාසික වටිනාකමක් ඇති පූජනීය ස්ථානයක් වූ බෙලිවත්ත සුධර්මාශ්‍රම පුරාණ විහාරස්ථානය මාතර කතරගම ප්‍රධාන මාර්ගයේ කෝට්ටෙගොඩ ප්‍රදේශයේ සුන්දර වෙරළ තීරය ආශ්‍රිතව පිහිටා තිබේ.
මේ වන විට විහාරාධිපති හිමියන් ලෙස ධර්ම කථික, කාව්‍ය ශ්‍රී රාජකීය පණ්ඩිත බුද්ධියාගම ධම්මසේන හිමියන් කටයුතු හොබවති.
උන්වහන්සේ දෙස් විදෙස් අතර කීර්තිමත් හිමිනමක වන අතර එම පසුබිම තුළ දේශීය සහ විදේශීය බොහෝ පිරිසක් මෙම විහාරස්ථානය සමග ඉතා ළඟින් කටයුතු කරති.
කෙසේ වෙතත් මිහිපිට සිටින කිසිවෙකු නොසිතූ මොහොතක එනම් 2004 දෙසැම්බර් 26 දින ඇතිවූ සුනාමි ව්‍යසනයෙන් වෙරළ තීරය ආශ්‍රිතව පිහිටා ඇති බෙලිවත්ත සුධර්මාශ්‍රම පුරාණ විහාරස්ථානයට දැඩි ලෙස හානි සිදුව තිබිණි. එහිදී විහාරස්ථානයේ වැඩ විසූ එවකට විහාරාධිපති හිමි කහදාමොදර පඤ්ඤාසේන හිමියන් ද එම ඛේදවාචකයෙන් අපවත් වූහ.
එදින උඳුවප්පුර පසළොස්වක පෝය යෙදී තිබූ නිසා විහාරස්ථානයේ ආගමික කටයුතු වල යෙදී සිටි සැදැහැවතුන් දාහක් දෙනෙකුටද දිවි අහිමි විය.
එවන් වූ පසුබිමක ඉතාමත් දරුණු ලෙස විනාශයට පත්වුණු ඓතිහාසික පුදබිම නැවත යථා තත්වයට පත් කිරීමේ වගකීම රාජකීය පණ්ඩිත බුද්ධියාගම ධම්මසේන හිමියන් වෙත පැවරී තිබිණි.
එහිදී පැන නැගී තිබූ අභියෝග බාධක, නොයෙකුත් කම්කටොළු බිඳ දමමින් ඉතාම කෙටි කලක් තුළ නැවත් සියලු විහාර අංගයන්ගෙන් සමන්විතව මනරම් විහාරස්ථානයක් ලෙස සකස් කිරීමට වර්තමාන විහාරාධිපති රාජකීය පණ්ඩිත බුද්ධියාගම හිමියන්ගේ දැඩි කැපවීමේ ප්‍රතිඵලය ඉවහල් විය.
බුද්ධියාගම ධම්මසේන හිමියන්ගේ ආගමික සහ ශාසනික සමාජීය වශයෙන් සිදු කරන සුවිසල් මෙහෙවර හේතුවෙන් එහිමියෝ දිවයිනේ නොයෙක් ගම් දනව්වල ජනතාවගේ ගෞරවයට හා ආදරයට පාත්‍ර වුහ.
එපමණක් නොව ධම්මසේන හිමියන් නොයෙකුත් විදෙස් ජනතාවගේද නොමද ගෞරවයට පාත්‍ර වි තිබෙි .
උන්වහන්සේ විසින් ඉටු කරනු ලැබූ ආගමික හා ශාසනික, මෙහෙවරට අමතරව දිවයිනේ නොයෙක් ප්‍රදේශවල පදිංචි නිවසක් නොමැති අසරණ ජනතාවට නිවාස 113 වඩා වැඩි ප්‍රමාණයක් තනා දීම, ආබාධිත පිරිස් වෙත රෝද පුටු පන්සියයකට ආසන්න ප්‍රමාණයක් ලබා දීම, නොයෙකුත් අග හිඟකම් මැද අධ්‍යාපනය ලබන දූ දරුවන්ට මාසික ශිෂ්‍යත්ව වැඩසටහන් රාශියක් ලබාදීම පමණක් නොව ඇස් කන්නාඩි, ගැබිණි මව්වරුන්ට අවශ්‍ය උපකරණ , විරැකියාවෙන් පෙළෙන ජනතාවට ස්වයං රැකියා ආධාර ආදී නොයෙකුත් ආකාරයෙන් උදව් උපකාර කිරීමද උන්වහන්සේගේ සේවාවන් අතර ප්රමුඛ කාර්යයන් වෙි.
ඒ සඳහා මුදල් සොයා ගැනීම හෝ භාණ්ඩ හෝ ද්‍රව්‍යමය සම්පත් සොයා ගැනීම සිදු කරනු ලබන්නේ බුද්ධියාගම ධම්මසේන හිමියන් දානමය පිංකම් සදහා වැඩම කිරීමෙන් සහ දිවයිනේ නොයෙක් ප්‍රදේශවල ධර්ම දේශනා සදහා වැඩම කිරීමෙන් පසු උන්වහන්සේට පූජා කරනු ලබන තුටුපඬරු උපයෝගි කර ගැනීමෙනි.
දිවයිනේ නොයෙක් ප්‍රදේශවලින් ජාති ආගම් භේදයකින් තොරව නොයෙකුත් අගහිඟකම් කියාපාමින් අති විශාල පිරිසක් දිනපතා විහාරස්ථානය වෙත පැමිණෙන බව උන්වහන්සේ සඳහන් කරයි.
එම පැමිණෙන පිරිස අතර බොහෝ දෙනකුට නියමිත ආහාර වේල පවා ලබා ගැනීමට වත්කමක් නොමැති බවට සැලවීමෙන් කම්පනයට පත් උන්වහන්සේ ඔවුන්ට උපකාර කිරීමට පෙර විහාරස්ථානය වෙත ලැබුණු දානය ඔවුන්ට පිරිනැමීම සිදු කළහ .එසේ නොමැති නම් වෙළඳසැලකින් ගෙනවිත් ලබාදීමට උන්වහන්සේ කටයුතු කළහ.
එය ප්‍රායෝගික නොවන බැවින් යම් ආහාර සංචිතයක් පවත්වාගෙන යාමට අදහස් කළ උන්වහන්සේ එහිදී ව්‍යාංජන කීපයක් සහිතව පෝෂ්‍යදායක ආහාරවේලක් සමග අතුරු පසක් ද පිළියෙල කර තැබීමට කටයුතු කළහ. එ අනුව එම ආහාර පැමිණෙන ජනතාවට ලබාදීමට කටයුතු කළහ. එහි පළමුව පාසල් යන දරුවන්ටත් එම අවස්ථාව ලබා දෙමින් පෝෂ්‍යදායක ආහාර වේලක් ලෙස හිමිදිරි උදෑසන 5:00 සිට රාත්‍රී 8:30 දක්වා දිනපතාම විහාරස්ථානයේ පිහිටුවා ඇති දන්සල විවෘතව පවතී.
විහාරස්ථානයේ ආරම්භ කළ දන්සල ඉකුත් 18 දින උදෑසන 5:00 ට ආරම්භ කෙරිණ.
ගත ගතවූ දින කිහිපය තුළදී පමණක් සිය ගණනක් සිත සතුටින් ආහාර භුක්ති විදීමට කටයුතු කළහ. එම අවස්ථාව ලබාදීම පිළිබඳව ජනතාව ස්වාමීන් වහන්සේ වෙත සිය ගෞරවය සහ ප්‍රසාදය ලබාදීමට ජනතාව අමතක කළ නොකළහ.
මෙම දන්සල පැවැත්වීමේ නිර්මාතෘ වන විහාරාධිපති බුද්ධියාගම ධම්මසේන හිමියන් සහ විහාරස්ථානයේ වැඩ සිටින ස්වාමීන් වහන්සේලා දාසය නමක් ඒ සඳහා ඉතාමත් ඕනෑකමින් සහ උනන්දුවෙන් කටයුතු කරන ආකාරය අපට දැක ගත හැකි විය.
බොහෝ අවස්ථාවල දන්සල් පැවැත්වීමට කටයුතු කරන්නේ ප්‍රධාන වශයෙන් වෙසක් පුර පසළොස්වක පෝය ,සහ පොසොන් පොහොය නිමිති කරගෙනය . එසේ නොමැති නම් තවත් පොහොය කීපයකදී දන්සැල් පැවැත්වේ.
නොයෙකුත් අගහිඟකම් නිසාවෙන් ආහාර නොමැති මිනිසුන් වෙත පෝෂ්‍යදායි ආහාර වේලක් ලබාදෙමින්, එයට අතුරු පසක්ද එක් කරමින්, විහාරස්ථානයේ විවෘත වූ මෙම සුවිශේෂී දන්සල පැවැත්වීමට එහි නායකත්වය සහ එහි මඟ පෙන්වීම සිදුකරනුු ලබන මාතර කෝට්ටෙිගොඩ බෙලිවත්ත සුධර්මාශ්‍රම විහාරස්ථානයේ විහාරාධිපති බුද්ධියාගම ධම්මසේන හිමියන් විසින් සංවිධානය කරන මෙම දන්සල සමාජය තුළ වෙසෙන ලොකු කුඩා සියලු දෙනාට ආදර්ශයක්
නොඅනුමානය. .



