විමුක්ති එස් රුද්‍රිගු
කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ‘බුද්ධං සරණං ගච්ඡාමි’ ජංගම ප්‍රදර්ශනයේ දෙවැනි අදියර සහ “අමර් චිත්‍රකතා” ප්‍රකාශකයන්ට අයත් ජාතක කතා 5 ක සිංහල පරිවර්තන දොරට වැඩුම ඊයේ(12) කැළණිය රජමහා විහාරයේදී පැවැත්විණි.
එම අවස්ථාවට ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක ස්වාමින් වහන්සේ, , කැලණිය රජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත ස්වාමින්වහන්සේ, මෙන්ම මහාචාර්ය උපුල් රංජිත් හේවාවිතාන ගමගේ සහ මෙරට ඉන්දීය නියෝජ්‍ය මහා කොමසාරිස් ආචාර්ය සත්‍යන්ජාල් පාණ්ඩේ යන මහත්වරුද සහභාගී වූහ.
වඳුරන්ගේ කතා, සැබෑ මිතුරන්, හිවල් කතන්දර සහ අමිල මාණික්‍ය යන කතා සහ තවත් එක් ජාතක කතාවක් මහාචාර්ය උපුල් රංජිත් හේවාවිතානගමගේ මහතා විසින් සිංහල භාෂාවට පරිවර්තනය කර තිබූ අතර එය ඉන්දියාවේ විශාලතම චිත්‍රකතා ප්‍රකාශකයා වන “අමර් චිත්‍රකතා” විසින් ප්‍රකාශයට පත්කරනු ලැබ තිබිණි.
සිංහලට පරිවර්තනය කළ “අමර් චිත්‍රකතා” හි කතා 5 ඇතුළත් චිත්‍රකතා පොත් කැළණිය රජමහා විහාරයේ දහම් පාසල් දරුදැරියන්ට නොමිලේ බෙදා දෙන ලදී.
‘බුද්ධං සරණං ගච්ඡාමි’ යන තේමාව යටතේ පැවැති දෙවැනි ජංගම ප්‍රදර්ශනයේදී නූතන ඉන්දීය කලාවේ ප්‍රවීණයන් විසින් නිර්මාණය කරන ලද බුද්ධ චරිතයේ වැදගත් අවස්ථා නිරූපණය වන සහ බුදු දහම සහ අධ්‍යාත්මය යන විෂයෙහි වැදගත් වන සිතුවම් රැසක් ප්‍රදර්ශනය කෙරිණි.


