වෛද්‍ය පරිපාලකයන්ගේ  විද්වත් සංගමයේ මුල් පුටුව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට

විමුක්ති එස් රුද්‍රිගු

ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයන්ගේ විද්වත් සංගමයේ 2025 වසර සඳහා නව සභාපතිවරයා ලෙස කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා, පසුගිය සතියේ හිල්ටන් හෝටලයේ පැවැති එම සංගමයේ මහා සභා රැස්වීමේදී ඒකමතිකව තෝරා පත් කරගන්නා ලදි.

මෙම සංගමය රජයේ රෝහල් පමණක් නොව පුද්ගලික රෝහල්වල වෛද්‍ය පරිපාලකයන්ගෙන් සමන්විතය. වසර 31 ක් පැරණි මෙම සංගමයේ මේ වනවිට සාමාජිකයෝ 450 ක් පමණ සිටිති.

සාමාජිකත්වය ලබාදෙනුයේ අවශ්‍ය සුදුසුකම් සපුරාලන අයට පමණක් වන අතර එම සංගමයේ සභාපතිවරුන් ලෙස මීට පෙර වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සහ වෛද්‍ය හෙක්ටර් වීරසිංහ යන මහත්වරුන්  විසින් කටයුතු කර තිබිණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *