තම ජිවිත කාලය තුළ සමාජයට සිදුකරන ලද අනූපමේය සේවය අගයා නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ සංඝ පීතෲන් වහන්සේ තුන් නමක් උදෙසා විශේෂ ඇගයීම් සම්මාන ත්‍රිත්වයක් පිරිනැමීමේ උත්සවයක් ඊයේ (07) පෙරවරුවේ පැවැත්විණි.
ඒ නාඋල – අරංගල සංස්කෘතික මධ්‍යස්ථානයේදී ය.
අරංගල සංස්කෘතික මධ්‍යස්ථානයේ වර්ෂ අවසාන කලා උළෙල ලෙස සංවිධාන කර තිබු මෙම වැඩසටහන ‘ යතිවර පූජා සම්මාන ප්‍රදානය ‘ ලෙස නම්කර තිබිණි.
මෙහි දි ශාසනාභිවෘද්ධිය වෙනුවෙන් කරන ලද යුග මෙහෙවර අගැයීම වෙනුවෙන් නාඋල – අරංගල සිරි අරහත්ත පබ්බතාරාමාධිපති,මහා විහාර වංශික ශ්‍යාමෝපාලි නිකායේ අස්ගිරි පාර්ශවයේ උතුරු මාතලේ ප්‍රධාන සංඝ නායක සද්ධර්ම කීර්ති පුජ්‍ය පෙනලබොඩ පේමානන්ද ශ්‍රී සෝමානන්දාභිධාන ස්වාමීන් වහන්සේ වෙතත් , බුද්ධ භාෂිතය තල් පත්වල ලියා සංරක්ෂණය කර ශාසනාභිවෘද්ධිය උදෙසා කළ කැපකිරිමත්,ගම් නියම්ගම් පුරා ධර්මය දේශනාකරමින් 78 වසරක් සිදුකල ශාසනික මෙහෙවර වෙනුවෙනුත් නාඋල – දේවරාදපොල ශ්‍රී බෝධි රුක්ඛාරාම විහාරාධිපති සද්ධර්ම කිර්ති ශ්‍රී පරිත්‍රනුභාණි, ත්‍රිපිටක ධර්මාචාර්ය පුජ්‍ය ඇලගමුවේ ධර්මජෝති නාහිමියන් වෙතත්, ගම් දනව් සිසාරා වැඩම කරමින් හුදි ජන හිතසුව පිණිසත්,දෙස් විදෙස් හි පතල මහා ධර්ම කථිකයෙකු ලෙසත් ජන මනස සුවපත් කල මහා පඬිරුවනක් වු සහ දිර්ඝ කාලයක් ගුරු සේවයේ රැදෙමින් පරිපාලන සේවයේ ගුරු උපදේශකයෙකු ලෙස හා විභාග ප්‍රශ්න පත්‍ර පරික්ෂකයෙකු ලෙසත් අද වන විට විශ්‍රාම සුවයෙන් කටයුතු කරන විචිත්‍ර ධර්ම කථිකයෙකු ලෙස දේශ දේශාන්තර වල සැරිසරමින් හා සාහිත දේශකයෙකු ලෙසත් කටයුතු කරන නාඋල පිලිහුඩුගොල්ල පුරාණ විහාරාධිපති, විශ්‍රාමික සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ, අධ්‍යාපනපති, පුජ්‍ය තලාකොලවැවේ සාරානන්ද ස්විමින් වහන්සේ වෙතත් මෙම සම්මාන ප්‍රදානය කර ලදී.
නාඋල – අරංගල සංස්කෘතික මධ්‍යස්ථානයේ දූ දරුවන්ගේ විවිධ නර්ථනාංග සමග වර්ණවත් වූ මෙම වැඩසටහන සදහා බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ (ප්‍රවර්ධන) ආචාර්ය ප්‍රසාද් රණසිංහ, නාඋල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති පුජ්‍ය මකුල්මඩ චන්දිම ස්වාමින් වහන්සේ, නාඋල ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකඛාධිකාරි පූජ්‍ය බිබිලේ වජිරඥාන ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙන්ම නාඋල ප්‍රාදේශිය ලේකම් එස්. විජයකුමාර්,සහකාර ප්‍රාදේශිය ලේකම් ඒ.එච්.ටි.එස්.එස්.හේවගේ, අරංගල සංස්කෘතික මධ්‍යස්ථානාධිපති කුසල දේවප්‍රිය මහත්වරු ඇතුළු ප්‍රදේශයේ පාසල් රැසක විදුහල්පතිවරුන් ,ග්‍රාම නිලධාරි මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන රැසක නියෝජිත මහත්ම මහත්මීන් රැසක් සහභාගී වී සිටියහ.
ඉන්දික අරුණ කුමාර,නාඋල
ඡායාරූප
01වමේ සිට පිළිවෙලට
නාඋල – අරංගල සිරි අරහත්ත පබ්බතාරාමාධිපති,මහා විහාර වංශික ශ්‍යාමෝපාලි නිකායේ අස්ගිරි පාර්ශවයේ උතුරු මාතලේ ප්‍රධාන සංඝ නායක සද්ධර්ම කීර්ති පුජ්‍ය පෙනලබොඩ පේමානන්ද ශ්‍රී සෝමානන්දාභිධාන ස්වාමීන් වහන්සේ, නාඋල – දේවරාදපොල ශ්‍රී බෝධි රුක්ඛාරාම විහාරාධිපති සද්ධර්ම කිර්ති ශ්‍රී පරිත්‍රනුභාණි, ත්‍රිපිටක ධර්මාචාර්ය පුජ්‍ය ඇලගමුවේ ධර්ම ජෝති නාහිමියන් සහ නාඋල පිලිහුඩුගොල්ල පුරාණ විහාරාධිපති, විශ්‍රාමික සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ, අධ්‍යාපනපති, පුජ්‍ය තලාකොලවැවේ සාරානන්ද ස්විමින් වහන්සේ සම්මාන ලබාදීමෙන් පසු. 001
02 සම්මාන උළෙල වර්ණවත් කල අරංගල සංස්කෘතික මධ්‍යස්ථාන දු දරුවෝ.002/003/004
03 සම්මාන ප්‍රදානය සදහා පැමිණි පිරිසෙන් කොටසක්.005




