05,06  පාසල් නිවාඩු

යසංග මහවිතාන

දිවයිනේ සියලුම පාසල්වලට මැයි 5වනදා නිවාඩු ලබාදෙන බව  අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ මැයි මස 6 වැනිදා පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙනි.

ඒ අනුව මැයි මස 7 වන බදාදා නැවත පාසල් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් අද දිනයේ අදාළ ග්‍රාම නිලධාරීන් වෙත භාරදීමට කටයුතු කළ යුතු බවද,කන්ද මධ්‍යස්ථාන කටයුතු සඳහා අවශ්‍ය සම්පත්, එනම් මේස පුටු සහ ශාලා පහසුකම් ලබාදීමට සියලු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතින් වරුන් දැනුවත් කළ යුතු බවද අදාළ නිවේදනයේ දැක්වේ.

ඒ ඒ  පාසල් පහත ලේඛනයේ සඳහන් පරිදි ඒ ඒ පාසලට අදාළ කාල වකවානුව තුළ පමණක් නිවාඩු ලබාදීමට කටයුතු කරන මෙන් ද පාසල් වේලාවෙන් පසුව ඉල්ලා ඇති පාසල් ඊට අදාළ දිනයේදී පාසල පැවැත්වීමෙන් පසුව මැතිවරණ කටයුතු සඳහා භාර දිය යුතු බව ද අධ්‍යාපන අමාත්‍යංශය තවදුරටත් ප්‍රකාශ කර සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *