අජිත්ලාල් ශාන්තඋදය
පනස් අටවන වියේ පසුවු මහප්පාට සහ ලොකු අම්මාට පොලුවලින් පහරදි මහප්පා මරා දමා අතුරුදන්ව සිටින මවක් සහ පුතෙක් සොය රක්වාන පොලිසියේ අපරාධ විමර්ශනය අංශය පරීක්ෂණ පවත්වයි.
සිද්ධියෙන් මරණයට පත්ව ඇත්තේ රක්වාන පොලිස් වසමට අයත් අටකලන්පන්න, කවුඩුවාව, උයන්වත්ත පාර ලිපිනයේ පදිංචිව සිටි කවුඩුවාව ලේකම්ලාගේ කුලරත්න ලේකම්ගේ (58) අය අයයි. තුවාල ලබා ඇත්තේ මරණකරුගේ බිරිදවු ඕපනග්ගේ චන්ද්‍රලතා(59) නැමැත්තිය බව රක්වාන පොලීසිය කියයි.
මෙම පහරදීම සිදුව ඇත්තේ 04දා පෙරවරුවේ බව ද පොලීසිය කියයි. මරණකරුගේ ඉඩමක හොරෙන් පොල්කැඩීමක් ගැන විමසීමත්, දරුවන් ලවා හොරකම් කරවීමේ පුරුද්ද අත්හරින ලෙස දුන් අවවාදත් ගැටුමකට මුලපිරි ඇත.
මරණකරුගේ බාල සහෝදරයාගේ බිරිද සහ පුතා විසින් මෙම ඝාතනය සහ පහරදීම සිදුකළ බව පොලිසිය කළ විමර්ශන වලදි අනාවරණය කරගෙන තිබේ.
මරණකරු ඔහුගේ බිරිද සමග කුඹුරකට කෘෂිරසායන ඉසීමට ගොස් ආපසු එමින් සිටිය දි මෙම ගැටුමට ලක්ව තිබේ. පහරකෑමට ලක්වූ අඹුසැමි යුවළ ප්‍රදේශවාසීන් විසින් කහවත්ත මූලික රෝහලට බාරදි තිබේ. මේ වනවිට සැකකාර මව සහ පුතා ප්‍රදේශයෙන් අතුරුදන්ව ඇති බව පොලිසිය සදහන් කළේය.
