(කිත්සිරි වනසිංහ)
2024 ලංකා බැංකු ලාභය පදනම්ව අනුමත කරන ලද දිරි දීමනා පාරිතෝෂිකය මුදල් අමාත්‍යංශය මගින් කප්පාදු කිරීමට එරෙහිව හෙට (29) පෙරවරු 10.30 පසු ලංකාව පුරා ලංකා බැංකු සේවකයින් සේවයෙන් බැහැර වීමට තීරණය කර ඇත.
අද (28) දහවල් කෑම පැයේ දීප ව්‍යාප්ත සංකේත විරෝධතාවක නිරත වු ලංකා බැංකු සේවකයින් සිය ඉල්ලීම් ඉටු වෙන තෙක් තම අරගලය අත් නොහරින බවද කියා සිටිති.
2024 තුළ ලංකා බැංකු ලාභය පදනම්ව කළමනාකාරීත්වය හා අධ්යක්ෂ මණ්ඩලය අනුමත කළ දිරි දීමනා පාරිතෝසිතය මුදල් අමාත්‍යංශය විසින් කප්පාදුු කිරීමට එරෙහිව රාජ්‍ය බැංකු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය දීප ව්‍යාප්තව අද දිනයේ සංකේත විරෝධතාවක් සංවිධානය කර තිබුණි.
මීට මසකට පමණ කාලයක සිට මුදල් අමාත්‍යංශය ඇතුළු අදාළ අංශ දැනුවත් කළද ඊට නිසි පිළිතුරක් නොලැබීම හේතුවෙන් අද දිනයේ සංකේත වර්ජනයක නිරත වූ බවත් හෙට දින පෙරවරු 10.30 පසුව රට පුරා ලංකා බැංකු සේවකයින් සේවයෙන් බැහැරවන බවත් ලංකා බැංකු සේවක සංගමයේ අනුරාධපුර දිස්ත්‍රික් මධ්‍යම කාරක සභික චමේෂ් දිවාකර මහතා පැවසීය.
ලංකා ඉතිහාසයේ වාර්තා කළ ඉහළම ලාභය වන රුපියල් බිලියන 107 ක ලාභයක් 2024 වර්ෂයේදී ලංකා බැංකුව ඉපයූ බවත් එසේ තිබියදීත් පාලකයින් තම ඉල්ලීම් කෙරෙහි කන්නොදී සිදු කරන කප්පාදු වලට එරෙහිව ඉදිරියේදී තම සටන් ව්‍යාපාරය වඩාත් තීරණාත්මක වනු ඇතැයිද දිවාකර මහතා සඳහන් කළේය.


