යසංග මහවිතාන
කඩුගන්නාව දුම්රිය හරස් මාර්ගයේ හදිසි නඩත්තු කටයුතු සඳහා මාර්ගය සම්පූර්ණයෙන්ම වාහන ගමනාගමනයට වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කොට තිබේ.
එම නිවේදනයට අනුව හෙට පෙරවරු 10 සිට අනිද්දා පෙරවරු 06 දක්වා එම මහා මාර්ගය වසා තැබෙන බව පැවසේ.
ප්‍මෙම හදිසි නඩත්තු කටයුතු සිදු කිරීමට සිදුව ඇත්තේ ප්‍රධාන දුම්රිය මාර්ගයේ කඩුගන්නාව හා පිළිමතලාව යන දුම්රිය ස්ථාන අතර සැතපුම් 65 දම්වැල් 64 ස්ථානයේ පිහිටි කඩුගන්නාව දුම්රිය හරස් මාර්ගයේය.
මෙම කාලසීමාව තුළ ඇතිවිය හැකි රථවාහන තදබදය මගහරවා ගැනීමට හා සිදුවන අපහසුතා අවම කරගැනීමට විකල්ප මාර්ග භාවිත කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ජනතාව වෙත දැනුම් දෙනු ලබයි.
