හික්කඩුව,, බුද්ධික වීරසිංහ
පවතින දැඩි උණුසුම් සහිත කාලගුණ තත්ත්වය පිළිබඳ කාලගුණ දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කර තිබේ .ඉන් කියවෙන්නේ හෙට (24) අවධානය යොමු කළ යුතු මට්ටමේ උණුසුම් සහගත කාලගුණ තත්ත්වයක් පවතින බවයි.
උතුර , උතුරු මැද ,වයඹ ,බස්නාහිර, සබරගමුව යන පළාත්වල සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය අවධානය යොමු කළ යුතු මට්ටමකින් පවතින බවට අපේක්ෂා කෙරේ.වැඩිහිටි හා රෝගී පුද්ගලයන් මෙම තත්ත්වය සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරන ලෙසත් කුඩා දරුවන් වාහන තුළ තනිකර දමා නොයන ලෙසත් එම නිවේදනය මඟින් උපදෙස් දී තිබේ.
අතිශය වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත් ,ලා පැහැති හෝ සුදු පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙසත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත්, සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තවදුරටත් මහජනයාට දැනුම් දෙනු ලබයි.
වැඩිදුර විස්තර අවශ්‍ය වෙතොත් දැන ගැනීමට දුරකථන අංකයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ලබා දී තිබේ.011-7446491 දුරකථන අංකයට ඇමතීමෙන් මහජනයාට තවදුරටත් මේ පිළිබඳ දැනුවත් විය හැක.

