හුවමාරු මත්ද්‍රව්‍ය ජාවාරමක්

(නික්කි රණසිංහ)

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් විසින් සොරාගත් භාණ්ඩ ලබාගෙන ඒ වෙනුවට ඔවුන්ට මත්ද්‍රව්‍ය ලබා දෙන පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට කොළඹ උතුරු කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්‍ට හැකිවී තිබේ. 

එම ඒකකයට ලැබුණු තොරතුරක් අනුව ක්‍රියාත්මක වූ ජේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික සමරපාල මහතා ඇතුළු නිලධාරීන් ගෑන්ඩ්පාස් 75 වත්ත ප්‍රදේශය තුළ කළ මෙහෙයුමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. 

නලින්ද ඉන්ද්‍රජිත් සිල්වා නැමැති මෙම සැකකරු ළඟ තිබී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ද සමඟ මත්ද්‍රව්‍ය ලබා දී රැගෙන තිබූ ජංගම දුරකතන, ලැප්ටොප්, පාපැදි, විදුලි උපකරණ ආදී විශාල භාණ්ඩ තොගයක් ද අත් අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණි. එම භාණ්ඩවල වටිනාකම රුපියල් කෝටි දෙකක් පමණ වන බව පොලිසිය සඳහන් කරයි.

මෙම ජාවාරම සම්බන්ධ තවත් පුද්ගලයින් රැසක් පිළිබඳ තොරතුරු හෙලි වී ඇති බැවින් ඒ පිළිබඳ විමර්ශන කටයුතු තවදුරටත් ක්‍රියාත්මකයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *