තිරප්පනේ සමන් පෙරේරා
උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ නීතියට පටහැනි අයුරින් ඉන්ධන දීමනා ලබා ගැනීම තුළින් දූෂණය නැමැති වරද සිදුකළ බවට චෝදනා මත උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම් රංජිත් සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන යන විත්තිකරුවන්ට කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 16 බැගින් වූ සිරදඬුවම් නියම කිරීමත් සමඟ පළමු වරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එකී පැමිණිල්ල ගොනුකළ හා ඊට සාක්ෂි දුන් අනුරාධපුර ගලෙන්බිඳුණුවැව නිමල්සිරි විජයතිලක මහතාට එල්ලවන ජීවිත තර්ජනවලට ආරක්ෂාව ලබා දෙන්නැයි අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බව සමාජ ක්‍රියාකාරී නිමල්සිරි විජේතිලක මහතා විශේෂ අනාවරණයක් කරමින් කියා සිටී.
සමාජ ක්‍රියාකාරිකයකු වන නිමල්සිරි විජේතිලක මහතා මෙසේ කීය.
2015 අවුරුද්දේ එස්.එම්. රංජිත් සමරකෝන් ප්‍රධාන ඇමතිවරයා හා එවකට රජයේ කැබිනට් ඇමතිවරයෙකුගෙ බිරිඳ වූණු ශාන්ති චන්ද්‍රසේන ඔහුගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කරමින් විශාල මූල්‍ය වංචාවක් සිදු කර තිබෙන බව විගණන වාර්තාවකින් මා අතට පත්වෙනවා. ඒක බැලූවට පස්සේ මට තේරුණා මේක විශාල මුදල් කාබාසිනියා කිරීමක් සිදු කර තිබෙන්නේ කියලා. ඒ නිසා මේ ගැන අල්ලස් හා දූෂණ විමර්ශන අංශයට පැමිණිලි කරන්න ඕනේ කියලා 2015 වර්ෂයේදී කොළඹට ගිහින් ඒ පැමිණිල්ල මම බාර දෙනවා.
නඩු අංකය HCB 117/2021 යටතේ. එතැන් සිට දිගින් දිගටම මම ඒ ගැන සොයා බලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් තොරතුරු සොයා බැලුවා. ඒ නඩුව පිළිබඳව මම විමසීම් කළා.
ඉතින් මේ නඩුව යටපත් කරන්න පළාතේ ඉහළම පොලිස් නිලධාරීන් කීපදෙනෙක් හා තවත් රජයේ නිලධාරීනුත් එකතු වෙලා නඩු 29ක් මට දානවා. පස්සෙ ඔවුන් රාජ්‍ය නිලධාරීන් කීපදෙනෙක් එක්ක එකතුවෙලා මගේ ඉඩම්, දේපල පවරගෙන කෝටි ගාණක දේපළ මට අහිමි කළා. ඉතින් ඒ කාලෙත් මට ජීවිත තර්ජන තිබුණා.
මම පුරවැසි යුතුකමක් ඉටු කිරීමක් හැටියට මේ රටේ ආර්ථිකය විනාශ කරපු දූෂිතයින්ට එරෙහිව ජනතාව පැත්තේ ඉඳලා ගත්ත හොඳ තීරණයක් කියල මට හිතෙනවා. කිසිම අවස්ථාවක පුද්ගලික වාසි බැලුවේ නැහැ.
ඒත් සමහර මිනිස්සු කිව්වා ඔය නඩු කියලා තේරුමක් නැහැ කළු ගලේ ඔළුව හප්ප ගන්න ඕනේ නෑ කියලා . ඒ වගේ අපිව අධෛර්යමත් කරන්න විවිධ මිනිස්සු ලවා උත්සාහ කළා.
නමුත් ගරු අධිකරණය ගැන පූර්ණ විශ්වාසයක් එදා ඉඳන්ම මගේ හිතේ තිබුණා. ඒ නිසා තමයි මගේ සාක්ෂි සියල්ල හොඳ හැටි නිවැරදිව ප්‍රකාශ කරමින් මේ සඳහා මගේ දායකත්වය ලබා දුන්නේ. හිටපු මහ ඇමති රංජිත්ට තවත් නඩුවක් දාලා තියෙනවා. ඒකත් හෙට අනිද්දා විභාග කිරීමට නියමිතයි.
ඉතින් මේ විදිහට මම මහ ඇමතිට එරෙහිව නඩු දැම්මට පස්සේ මේ ගැන හෙළිදරව් කළා කියලා නාදුනන පුද්ගලයින් යොදවා මට විවිධ මරණීය තර්ජන එල්ල කළා. ඒ වගේම මෙම නඩු තීන්දුවෙන් පස්සෙත් මට ජීවිත තර්ජන එයි කියලා විශාල බයක් දැනෙනවා. ඒ නිසා අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා හැකිනම් මට මේ මොහොතේ ආරක්ෂාව ලබා දෙන්න කියලා. ඒ වගේම ඇත්ත කතා කරන අපි වගේ මිනිස්සුන්ව ආරක්ෂා කරලා දෙන්න කියලා මම අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා.
