හරි හමන් පරිගණකයක් හෝ නොමැතිව තොරතුරු තාක්ෂණ තරගයකින් පළමු තැන ගත් ගමක දරුවෝ

අජිත්ලාල් ශාන්ත උදය

ශාලා පහසුකම් හරියට නැති නිසා එළිමහනේ විභාගය ලියන, නව පන්නයේ පරිගණකයක් හෝ අන්තර්ජාල පහසුකම් නැතිව තොරතුරු තාක්ෂණ තරගයකින් දිස්ත්‍රික් ජයග්‍රහණයක් ලබාගත් දරුවන් පිරිසක් ගැන ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපයෙන් වාර්තා වෙයි.

ඒ ජයග්‍රහණය හිමිකරගනු ලැබුවේ ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපයේ පල්ලෙබැද්ද, හෙළඋඩකන්ද විද්‍යාලයේ දරුවන් සිව් දෙනෙකි. එච්.එම්. නිමිනි ප්‍රසාදිනී, පී.එම්. කවිදු තිවංග, එච්. සම්පත් ගුණතිලක සහ පී.වී. ප්‍රවීන් චනුක යන දරුවන් ය. රුවන්පුර විද්‍යාපීඨය තරගය සංවිධානය කර තිබුණි. ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ දරුවන්ට මේ හෙළඋඩකන්ද දරුවන් පරාජය කළ නොහැකි විය.

Line fallowing competition  9-11 අංශයේ ජය මේ දරුවන්ට හිමි විය. හෙළඋඩකන්ද විදුහලට දරුවන් පැමිණෙන්නේ කිලෝමීටර් තුන හතරක් ගෙවා ගෙන පාගමනිනි. මානගොඩ, හේවා ගොඩ, රිකිල්ලගහමඩ, විස්තරකන්ද වදකහදෙනිය යන ගම්වල සිට දරුවෝ පාසල් එති. පළමුවන ශ්‍රේණියේ සිට එකොලොස්වන ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙයි. මුලු ශිෂ්‍ය සංඛ්‍යාව 250කි. ගුරු මණ්ඩලය 17කි.

කෑලි එකතුකර හදාගත් පරිගණක කිහිපයක් භාවිතා කර පරිගණක පුහුණුව ලබති. ලැප්ටොප් පරිගණකයක්, මල්ටිමීඩියා යන්ත්‍රයක්, ඔවර්හෙඩ් පොජෙක්ටරයක්, මුද්‍රණ යන්ත්‍රයක් විදුහලට නැත. විදුලිය ඇතත් අන්තර්ජල පහසුකම් නැත. ගුරුවරුන්ගේ ජංගම දුරකතන වලින් අන්තර්ජාල පහසුකම් ලබාගෙන මේ ජයග්‍රහණ සදහා දැනුම ලබාගෙන ඇත.

 ”අපිට තොරතුරු තාක්ෂණ විෂය උගන්වන ඩබ්.එච්.සී.ජේ. වල්පිට මිස් තමයි මේ තරගයට යන්න පුහුණු කරලා අවස්ථාව ලබලා දුන්නේ.” දරුවෝ කියති.

” හෙළඋඩකන්ද විද්‍යාලයේ සිට ළගම නගරය කොළොන්න. කිලෝමීටර් දහයක් දුරයි. පල්ලෙබැද්ද නගරයට දුර කිලෝමීටර් දොළහක්. විද්‍යාලයේ පහසුකම් අඩුයි. දරුවන්ගේ මව්පියන් කෘෂි කර්මාන්තයෙන් ආදායම් ලබන්නේ. පානීය ජල පහසුකම් පවා නෑ. ” විදුහල්පති රංජිත් තිලකරත්න මහතා පැවසුවේ ය.

ඡායාරූප කැප්සන්:

02-01 ජයග්‍රහණය කළ දරුවෝ

02-02 හෙළඋඩකන්ද විද්‍යාලය

02-03 එළිමහනේ විභාගය ලියන දරුවෝ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *