ලසන්ත නිරෝෂණ පෙරේරා
හිටපු බස්නායක නිළමේවරයෙකු සහ මහනුවර දිස්තිුක්යේ සමගි ජන බලවේගයේ සංවිධායකවරයෙකුගේ වතු බංගලාවක් බිඳ සොරා ගත් සැකකරුවෙකු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.සොරාගත් භාණ්ඩ අතර ඔස්ට්‍රියාවේ නිෂ්පාදිත ගිනි අවියක් , උණ්ඩ සමග විය. පැල්මඩුල්ල වැඩ බලන මහේස්ත්‍රාත් හවුපේ .එම් .ජයසිරි මහතා හමුවට ඊයේ (15 ) ඉදිරිපත් කිරිමෙන් පසු සැකකරු ලබන 25 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කළේය .
මෙම ගිනි අවිය සම්බන්ධව හිටපු බස්නායක නිළමේවරයාගෙන්ද ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගන්නා බව පොලිසිය වැඩබලන මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නේය . සොරකම ගැන ඔහු පැමිණිළි කළද ගිනි අවියක් සොරාගෙන යෑම ගැන පැමිණිලි නොකිරිම ගැන පොලිසිය ව්මර්ශණ ආරම්භ කර තිබේ.
ඊයේ 14 වනදා මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිය.
මහනුවර ප්‍රදේශයේ දේවාල දෙකක බස්නායක නිළමේවරයෙකු සහ සමගි ජන බලවේගයේ මහනුවර දිස්තිුක් සංවිධායකවරයෙකුට අයත් කහවත්ත ඇන්දාන ගොඩකුඹුර කීනමුල්හේන වතුයායේ වතු බංගලාව පසුගිය 08 වනදා බිද ඇතැයි එම වතු හිමියා ඇන්දාන පොලිසියට පැමිණිළි කර තිඹුණි .
ජල මෝටරයක් ඇතුඵ භාණ්ඩ කිපයක් සොරාගෙන ගොස් ඇතැයි පැමිණිල්ලේ සදහන් වු බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.
වතු බංගලාවෙන් සොරා ගන්නා ලද භාණ්ඩ කිපයක් වත්තේ පහළ කොටසක සඟවා තිබියදී පොලිසිය ව්සින් සොයා ගෙන තිබ්ණි.ආන්දාන පොලිසියේ සැරයන් 32051 මාධව මහතාගේ මෙහයවිමෙන් වැඩිදුරටත් පරික්ෂණ කිරිමේදි අලකොළ ගාලක සැගවි සිටි සැකකරු අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරිමේදි සොරා ගත් භාණ්ඩ අතර තිඹු ගිනි අවියක් ,බෝර 12 උණ්ඩ හයක් දුර දක්නයක් ද පොලිසිය ව්සින් සොයා ගත් බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය .
එම ගිනි අවිය හිටපු බස්නායක නිළමේවරයාට අයත් දැයි සොයා පරික්ෂණ සිදු කරන බවත් ඔහුගෙන් එක් ප්‍රකාශකයක් ලබා ගත් අතර තවත් ප්‍රකාශයක් ලබා ගන්නා බව පොලිසිය පවසයි.
හිටපු බස්නායක නිළමේවරයාගේ පියා සංස්ථා සභාපතිවරයකුව සිටියදි මෙම ගිනි අවිය ලබාගෙන ඇතැයි ද ඔහුගේ බඩු මුට්ටු තිඹු පෙට්ටියක ගිණිඅවිය තිබි ඇතැයිද හිටපු බස්නායක නිළමේවරයා පොලිසියට ප්‍රකාශයක් ලබාදි තිබේ.
ගිණි අවියක් සොරා ගැනිම ගැන පැමිණිලිකරු පොලිසියට මුලින් පැමිණිලි කර නොතිබුනු බවද පොලිසිය පවසයි .
රත්නපුර සහකාර පොලිස් අධිකාරි අජිත් කුමාර පින්නදුව මහතාගේ උපදෙස් අනුව ඇන්දාන පොලිසියේ වැඩ බලන ස්ථාණාධිපති අනුර කරුණාතිලක මහතාගේ මෙහයවිමෙන් අපරාධ ව්මර්ශණ අංශයේ සැරයන් 36126 මාධව, සැරයක් 32051 රුවන්සිරි,කාන්තා පොලිස් කොස්තාපල් 8337 මහේෂි, පොලිස් කොස්තාපල්වරුන් වන 1038 පෙරේරා , 10262 චාමර යන මහත්වරුන් පරික්ෂණ සිදු කරති.
සොරාගෙන තිඹියදි හමුවු බව කියන ගිනි අවියේ අයිතිකරු සහ එහි නීතිමය තත්වය ගැන වැඩිදුරටත් ව්මර්ශණ සිදු කරන ලෙස පැල්මඩුල්ල වැඩ බලන මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය .

