සූර්ය පැනල මෙරට ප්‍රධාන පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් බවට පත්වේ.

(සමන් පෙරේරා)  

මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් දිවයින පුරා ස්ථාපිත වහල මත වූ සූර්ය බලශක්ති ධාරිතාව  මෙගාවොට් 1,700 සීමාවට ළඟා වී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය (CEB) පවසයි.

වහලමත ස්ථාපිත කර ඇති සූර්ය පැනල හරහා ලබාගන්නා මෙම සූර්ය බලශක්ති ධාරිතාව මැයි මස 1වනදා වනවිට මෙම සීමාවට ළඟා වී තිබේ. ඒ අනුව මෙරට ප්‍රධාන පුනර්ජනනීය බලශක්ති සන්ධිස්ථානයක් අත්කර ගෙන ඇති බව ද ලංකා විදුලිබල මණ්ඩලය කියයි.

ව්‍යාපාර හා ආයතනවල පරිසර හිතකාමි වඩාත් තිරසාර බලශක්ති අනාගතයක් සඳහා  මෙරට ජනතාව තුළ ඇති කැපවීම මෙම ප්‍රගතියෙන් පිළිබිඹු කරන බව ද විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ අනුව වත්මන් කාලීන අවශ්‍යතාවයන්ට අනුගතවෙමින් පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි අවධානය යොමුකිරීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය, සියලුම සූර්ය බලශක්ති නිෂ්පාදකයින්ට සිය කෘතඥතාව පළකර සිටී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *