සූකර උනට ගොදුරු වි පුත්තලමේ ඌරන්   1600 ක් මිය ගිහින්,,

“ ඇතැම් ගොවිපල හිමියන් සූකර උනට ලක්ව මරණයට පත්වු සතුන් පිළිබඳව තොරතුරු වසං කරලා,,

                              

රටපුරා පැතිරි යමින් තිබෙන සූකර උනට ලක්ව ඌරන් 1600 ක්  මේ වන විට මිය ගොස් ඇති බව අප කළ විමසුමකට පිළිතුරු දෙමින්, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ වෛද්‍ය ඈන් ප්‍රනාන්දු මහත්මිය  පැවසුවාය.

එහිදි වැඩි දුරටත් අදහස් දැක්වු සහකාර අධ්‍යක්ෂවරිය…..”… පුත්තලම දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඌරු ගොවිපලවල් 1485 තිබෙනවා.එම ගොවිපල වල සතුන් 30,000 (තිස් දහස) කට ආසන්න ප්‍රමාණක් සිටි බවට අපිට තොරතුරු ලැබි තිබෙනවා.

සූකර උන  වැළදි මිය ගිය සතුන් 1600 ක් වාර්තා වුවත් ඇතැම් ගොවිපල හිමියන් ඔවුන්ගේ ගොවිපල වල මිය ගිය සතුන් පිළිබඳව තොරතුරු  වසං කර තිබෙනවා.

ඒ නිසා දැනට අපට ලැබුණු තොරතුරු අනුව තමයි 1600ක්  බව පැවසිය හැක්කේ. ඒ සමගම තාමත් සූකර උන පැතිරිම සිදුවෙනවා.

සතුන්ගේ මස් අනුභව කිරීමට ගැටළුවක් නොමැති බව සනාථ කර තිබෙන්නේ මිනිසුන්ට සූකර වැළඳීම සිදු නොවන නිසාය.

නමුත් සතුන් හිතු මතේ ඝාතනය කරන්න කරන්න බැහැ .ඒ සඳහා නිරෝගී සතුන් පමණක් පරිභෝජනයට ඝාතනය කිරීමට හැකියාව තිබෙන්නේ, රජයේ පශු වෛද්‍ය වරයකුගෙන් නිසි වෛද්‍ය සහතිකයක් ලබා ගැනිමෙන් පසුවයි…..යි ඇය තවදුරටත් ප්‍රකාශ කළාය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *